Sunday, May 23, 2021

මොකක්ද මේ කළු දිලීර රෝගය?

 


මොකක්ද මේ කළු දිලීර රෝගය..

මේ දවස් වල ඉන්දියාව කොවිඩ් 19 වසංගතයෙන් හොදින්ම බැට කාල ඉන්න වෙලාවෙ ,ඒ පිටටම ආපු කළු දිලීර වසංගතයක් ගැනත් අපට නිතර අසන්නට ලැබෙනවා..ඇත්තට මොකක්ද මේ කළු දීලීරය කියන්නෙ?
Mucomycosis කියල හදුන්වෙන මෙම කළු දිලීර ආසාදනය වෛද්යවරුන්ට නම් අලුත් දෙයක් නෙවෙයි.. මේක අපේ රටෙත් දක්නට ලැබෙන් ඉතා දුර්ලබ දිලීර ආසාදනයක් ..මේ දිලීරය අපේ පරිසරයෙ හැමතැනම වගේ තියනවා.. දීරා ගිය ශාක කදන්, කුණු ගොඩවල් , පසේ වගේම අපේ ශරීරයෙත් මෙම දීලීරයට අපට හානියක් නැතිව ඡීවත් වෙනවා.. හැබැයි කෙනෙක්ට මේක ආසාදනය වෙලා රෝගී බවට පත් වෙන්නෙ බොහොම කලාතුරකින්.. විශේෂයෙන්ම කෙනෙක්ගේ ප්රතිශක්ති කරන පද්ධතිය (immune system) දුර්වල වෙච්ච අවස්ථාවක තමයි මෙම දිලීර රෝගය වැලදෙන්නෙ.. පාලනය නොකල දියවැඩියාව, පිළිකා රෝග සදහා ප්රතිකාර ගන්නා අ⁣ය, නිදන් ගත රෝග තියන අයට මේ රෝගය වැලදීමේ ප්රවනතාවය ටිකක් වැඩියි..
කොහොම උනත් මේ රෝගය වැලදුන කෙනෙක්ව සුව කිරීම නම් ඉතාම අපහසු කාර්යක්.. දීලීර සදහා විශේෂ ඖෂධ (Anti fungal treatments) තිබුනත් එසේ ප්රතිකාර කරන රෝගීන් ගෙන් 50% වඩා මිය යන එක වලක්වන්න බෑ.. මේක පලමුවෙන්ම ආසාදනය වෙන්නෙ අපේ ඇස් , හිස් කබල ඇතුලත තියන තියන කුහර (sinus ) ප්රදේශ වලට. පස්සෙ අපේ මොලය ආසාදනය කරනවා.. මෙම ආසාදනය පාලනය කරන එක කොච්චර අමාරුද කියනව නම් සමහර විට රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සදහා මෙවැනි ආසාධිත කොටස් ශල්ය කර්ම මගින් සම්පුර්ණයෙන්ම අයින් කරල දාන්නත් සිද්ධ වෙනවා..සමහර අයගේ මූහූනේ කොටස් වගේම ඇස් උගුල්ලල අයින් කරන්න සිද්ධ වෙන අවස්ථාත් තියනවා..
අප රෝහලේ මෑතකදී ප්රතිකාර කළ කොරෝනා නොවන කළු දීලීර රෝගීන් දෙදෙනාම කෙටි කලක් තුල මිය ගියා.. දැන් තේරෙනව නේද මේ රෝගය කොච්චර භයානකද කියල..
එතකොට මොකක්ද මේ කළු දීලීරය සහ කොරෝනා අතර තියන සම්බන්ධය? ඔව්.. කොරෝන හැදෙන හැමෝටම මේ රෝගය වැලදෙන්නෙ නෑ.. විශේෂයෙන් අර මම කලින් කිව්ව ප්රතිශක්තිය අඩු අය සහ දියවැඩියා රෝගීන්ට තමයි මෙම රෝගය වැලදීමේ අවස්ථාව වැඩි.. වෛද්යවරුන් විසින් Covid 19 රෝගීන්ට භාවිතා කරන ස්ටීරොයිඩ් (steroids) කාණ්ඩයට අයත් ඖෂධ මගින්නුත් දැනටමත් දියවැඩියාව පවතින කොරෝනා රෝගීන්ගෙ රුධිර සීනි මට්ටම තවදුරටත් ඉහල දානව. ඉතින් එවැනි රෝගීන්ට මෙකියන කළු දිලීර රෝගය වැලදීමේ අවදානමත් වැඩියි.. ඉතින් අපි රට වහල දාල තියන අවදානම් කාලෙ කොරෝන වලින් විතරක් නෙවෙයි.. දියවැඩියාවෙනුත් ආරක්ෂා වෙලා හිටියොත් මේ කළු දිලීරය අපේ රටට ලොකු ප්රශ්නයක් බවට පත් වෙන එකක් නෑ..
උපුටා ගැනීමකි

Friday, July 26, 2019

දෙයියනේගේ තෑග්ග

දෙයියනේගේ තෑග්ග..
ඔන්න දවසක් අපේ සුරංගයා එයාගෙ අහවල් එක දිග මදි කියලා ඩොකෙක් ගවට ගිහින් බෙහෙතක් ඉල්ලුවාලු. ඩොකා බෙහෙතක් ලියල දීල ඒකෙන් පෙති 3ක් බොන්න කිව්වලු. ඒත් මේකා පෙති 20ක් ම අරෙගෙන බිව්වලු. ඉතින් දැන් උගේ අහවල් එක අඩි 5ක් විතර දික්වෙනවලු.
ඔන්න ඔය අස්සෙ මූ දවසක් නාන්න ගඟට ගියාලු සුවඳ සබන් කැටයකුයි සන්ලයිට් කැටයකුයි අරගෙන. ගඟ ලඟට යනකොට මතක් උනාලු නාන්න අඳින්න ගෙනාවෙ නෑ කියල. ආපහු යන්න කම්මැලිත් එක්ක හින්දා කැලෑවක් වගේ තියන කට්ටිය වැඩිය එන්නෙ නැති තැනක උපන් ඇදුමෙන් නනා ඉන්නකොට එතනට කෙල්ලො 3දෙනෙක් එන සද්දෙ ඇහිලා මූ ලග තිබ්බ ගහක් උඩට නැග්ගලු.
සුරා ඉන්නව කියල දන්නෙ නැති කෙල්ලො ටික හොදට නාන්න පටන් ගත්තලු. මෙක බලන් හිටපු සුරාගේ අහවල් එක කෙලින් උනාලු. මේක දැන් අඩි ගානක් දිග නිසා ගහෙන් පහලට එල්ලෙනවලු.

Wednesday, August 19, 2015

සොරකම

චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල කෑමට පැමිණියේය."කරුණාකර බිම දිගා වන්න.මේ මුදල් අයිති බැංකුවට,ඔබලාගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔබටය" සොරුන් පැවසීය.සියල්ලෝම බිම දිගා විය.
"යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව යනු මෙයයි" අදහසක් කාවැද්දීමට ඇති හැකියාව මෙයයි.
මේ අතර එක් කාන්තාවක් කෑ මොර දෙන්නට විය."නෝනා,අපි ආවේ බැංකුව මංකොල්ල කෑමට මිසක් ඔබට අතවර කිරීමට නෙමෙයි.කරුණාකර නිශ්ශබ්ධ වන්න"වැඩිමහල් සොරා පැවසීය.ඇය නිශ්ශබ්ධ විය.
"වෘත්තීය නිපුනත්වය යනු මෙයයි".ඔබ කළ යුතු දේ ගැන පමණක් අවධානය යොමු කරන්න.
සොරුන් කොල්ල කා ගෙදර ගියේය.මේ අතර උපාධිදාරී බාල සොරා මුදල් ගැනිය යුතු බව 8 වසර පමණක් සමත් වැඩිමල් සොරාට පැවසීය."ඕනෙ නෑ.අද රෑ නිවුස් වලට ගාන හරියටම කියයි".වැඩිමල් සොරා පැවසීය.
"පළපුරුද්ද යනු මෙයයි".මේ කාලේ උගත් කමට වඩා පළපුරුද්ද වටින බව මින් ගම්‍ය වෙයි.
මේ අතර බැංකු කළමණාකරු ගණකාධීවරයාට පොලීසියට පැමිණිළි කරන ලෙස පැවසීය."මොහොතක් ඉන්න.අපිත් මෙතනින් කෝටි 10ක් ගමු.කලින් වතාවල අපි යටි මඩි ගහපු කෝටි 70ත් මේකටම එකතු කරල පොලීසියට කියමු ඒවා හොරු ගත් බව" ගණකාදීවරයා පැවසීය.
"රැල්ල යන පැත්තට පීනනවා කියන්නෙ මේකටයි" අවාසිදායක අවස්ථාවක් වූවත් වාසිදායක අතට හරවා ගැනීම මේයයි.
"හොඳයි හොඳයි,හැම මාසෙම මෙහෙම කොල්ල කනවනං අපි ගොඩ" කළමණාකරු පැවසීය.
"ආත්ම තෘප්තිය රැකියාවට වඩා වටින බව මෙයින් කියවෙයි"
පසු දින ප්‍රවෘත්ති වලට බැංකුවකින් කෝටි 100 ක් කොල්ල කා ඇති බව ප්‍රකාශ කලේය.සොරුන් කෙතරම් ගණන් හැදුවත් එහි කෝටි 20 ට වඩා සතයක්වත් නොවීය.
"අපි ජීවිත පරදුවට තියල කෝටි 20ක් සොරකම් කළා.බැංකුවේ නිළධාරීන් කිසිදු අපහසුවකින් තොරව කෝටි 80 ක් හොයා ගත්තා".සොරුන් පසුතැවිලි විය.
"බුද්ධිය රන් වලට වඩා වටින බව මෙයින් තහවුරු වෙයි"
බැංකුවේ කළමණාකරු ඉතා සතුටින් සිටින අතරතුර මෙසේ සිතීය."මමයි ගණකාදීකාර වරයයි කෝටි 10 ක් හම්බ කලා.අපි නිසා බැංකුවට පාඩු වුන කෝටි 70ත් හෙවුවා"
අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීම යනු මෙයයි.

(උපුටා ගත්තේ: අළුත් ගැජට් ෆේස්බුක් පිටුවෙන්)

Friday, July 17, 2015

කොල්ලාගේ දුක

ඉලංදාරියෙකු වශයෙන් මානුෂික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට නම් ඔබ ජීවත් විය යුත්තේ සම්පූර්ණයෙන්ම ගෙදරින් පිටය. එසේ නැතිව, දෙමවුපියන්ගේ පාලනයට යටත්ව ඔවුන් සමග ගෙදර ජීවත් වන ඉලංදාරියෙකුට නිරායාසයෙන්ම ලැබෙන්නේ ලමිස්සියක මෙන් කාලය ගෙවීමටය.

මෙය එතරම් සතුටුදායක තත්වයක් නොවේ. හය හතර නොතේරෙන කාලයේත්, යමක්- කමක් හම්බුකර ගැනීමට නොහැකි කාලයේත් දෙමවුපියන් කියන දෙයක් අහගෙන, ගොනා සේ කරබාගෙන ගෙදරට වී හිටියාට, මං කියන්නේ, දෙයියන්ගේ පිහිටෙන් රස්සාවක් කරගෙන තුට්ටුවක්- දෙකක් අතට ලැබෙන කොටත් අම්මා තාත්තා කියන හැටියට වැඩ කරන්න පුළුවන්ද? අවුරුදු හත අටක් ගමෙන් පිට ගොස් නිදහස් ජීවිතයක් ගත කර ඇති මට දැන් ගම් පලාතට වී රස්සාව කිරීමට සිදු වී ඇති නිසා ලැබී ඇත්තේ දෙමවුපියන්ගේ දරදඬු පාලනයට යටත්ව සිටීමේ අවාසනාවන්ත තත්වයකි.

අම්මා සිතා සිටින්නේ මා තවම කිරි බොන පොඩි එකෙකු කියාය. එහෙත් මට නිතරම ලැබෙන්නේ නිකන් තේ ය. පුංචි දවස්වල අහල පහල කෙල්ලන්- කොල්ලන් සමග ස්ත්‍රී- පුරුෂ භේදයකින් තොරව සෙල්ලම් කිරීමට ඉඩ දුන් අම්මා දැන් නිතරම බයෙන් පසුවන්නේ මා නිසා පිට අය නරක් වේවි කියාය. කෙසේ වුවද, ගෙදරට පෝලිමේ එන මගුල් කපුවන්ට මගේ විස්තර කියා දීමේදී අම්මා මගේ සැබෑ තත්වය කොතෙක් දුරට වෙනස් කරන්නේද කියතහොත්, මා වෙන කෙනෙකු දැයි මටම සැකය.

මගේ කේන්දර කොපිය අම්මාගේ භාරකාරත්වය යටතේ තිබීම නම් මට මහත් අපල දායකය. මෙය මගේ භාරයට ගැනීම සඳහා අවශ්‍යතාවයක් මට ඇතත්, ප්‍රශ්නයක් වී ඇත්තේ ඊට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමය. අනෙක් අතට කේන්දර කොපිය අම්මා ලඟ තිබුණහොත් සල්ලි කඳක් සමග තාර පීප්පයක් කරගැසීමේ වාසනාව මට උදාවනු ඇත. ඒත් කමක් නෑ... කරන දෙයක් අර අදින්නේ නැතිව ඉක්මන් කරනව නම්......

තාත්තා ගෙදර සිටින නිසා දවසකට දහ- දොළොස් පාරක් වැසිකිලියට යාමට මට සිදුවී ඇත්තේ සිගරට් පානය කිරීමටය. තාත්තා ඉදිරියේ මා සිගරට් නොබොන්නේ තාත්තාට ඇති බියකින් නොවේ. මට සම්පූර්ණයෙන්ම සිගරට් එක බොන්නට ඉඩ නොදී තාත්තා සිගරට් කොටය ඉල්ලා ගන්නා නිසාය.

මා අරක්කු බෝතලයක් ගෙදර ගෙනැවිත් තැබුවහොත් තාත්තාට නිතරම බඩේ කැක්කුම හැදේ. බඩේ කැක්කුමට හොඳම ඖෂධය ඉඟුරු බව අම්මා කොතරම් ප්‍රකාශකරතත්, අරක්කු බෝතලය හිස් වෙන තෙක් තාත්තා අම්මගේ කීම පිළිනොගනී.

මා අරක්කු බෝතලය මගේ කාමරයේ පෙට්ටි හතකට යටින් ඇති පොත් පෙට්ටියේ සඟවා තැබුවත් මා නොදැනුවත්වම සියයට අනූහතහමාරක් එයට වතුර එකතු වේ. ඒ සම්බන්ධයෙන් මට බහිරවයා සැක කළ නොහැක්කේ ඌ අරක්කු බොන බවක් මෙතෙක් ඔප්පු වී නැති නිසාය.

මගේ වැඩ කටයුතු ගැන තාත්තාගේ කිසිම පැහැදීමක් නැතත්, මා වැඩ අවසන් වී ගෙදර එනතෙක් තාත්තා බලාසිටින්නේ රේස් කොළය ඉල්ලා ගැනීමටයි.

එහෙත් මට මහත්ම කරදරයක්ව ඇත්තේ දිනන අශ්වයන් තෝරා තාත්තාට ටිප් එක දීමය.

ගෙදර සිට පිට කෙල්ලන්ට ලියුම් ලිවීමද පහසුවක් නැත. මා පෙම්හසුනක් ලිවීමට පටන් ගත්තොත් අයියා හෝ මල්ලී එය කොපි කිරීමට ඉඩ ඇත. මට පෙම්හසුනක් ලැබුනොත් ලැබුනොත් අක්කා හෝ නංගී එය කොපි කිරීමට ඉඩ ඇත. මුලදී කෙල්ලන්ගෙන් ලැබුණු ලියුම් කිහිපයක්ම මට හොරෙන් විවෘත කර ඇති අම්මා ඔවුන්ට පිළිතුරු සැපයීමේ භාරදූර කර්තව්‍යයද තමන් අතට ගත් නිසා, අනේ අප්පෝ- දැන් එක කෙල්ලෙක් හෝ මගේ මුහුණ නොබලන හැටි! අනෙක් අතට පිටස්තර කෙල්ලන් මගේ සහෝදරියන් ලෙස පිටස්තර අයට හඳුන්වාදීමට පුරුදු මා, එවැනි හැඳින්වීමක් ගෙදර අයට කළ විට ගෙදර කවුරුත් මගේ කීම පිළිනොගන්නා හැටි!

ගමෙන් පිට සිටියදී මා නොයෙකුත් ගමන් බිමන් වල යෙදුණේ ගෙදර යන බවක් නවාතැනේ ඇත්තන්ට අඟවාය. එහෙත් දැන් ගෙදර යන බවක් පවසා ගෙදරින් පිට වන විට අම්මා මා අවිශ්වාස කරයි.

මට ලැබෙන වැටුප නිතරම නියම ප්‍රමාණයට වඩා අඩුවෙන් පෙන්වා සිටීමට තරම් නිහතිමානී ගතියක් ඇති මා නිතරම ගෙදරට පවසන්නේ "මේ මාසයේ පඩි තවම ලැබුණේ නෑ" කියාය. එමෙන්ම අම්මා මගෙන් අසන්නේ "ඈ පුතේ, උඹට පඩි හම්බුවෙන්නේ අවුරුද්දකටම එක පාරද?" කියාය. මගේ නියම වත්කම නිතරම අඩුවෙන් පෙන්වා සිටීමට මා උත්සහ දරතත්, ආදායම් බදු දෙපාර්තුමේන්තුවට වඩා හපන් කමක් දක්වා මගේ කමීස සාක්කු සහ කලිසම් සාක්කු පරික්ෂා කර බදු අය කිරීමට අපේ අම්මාට පුළුවන.

කන්තෝරුව පටන්ගන්නේ උදේ 09.00 ට වුවද, මා ගෙදරින් පිටත්විය යුත්තේ පාන්දර 05.00 ටය. පාසල් ශිෂ්‍යාවන් සහ ගුරුවරියන් ගමන් ගන්නා බසයක ගමන් කිරීමට අම්මා මට ඉඩ නොදෙන්නේ අළුත් අධ්‍යාපන ධවල පත්‍රිකාවටද පටහැනිවය.

සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමට අනාගතයේදී මට අවස්ථාවක් සලසා දීමට කියා, මා ගෙදර සිටින හැම අවස්ථාවකම අම්මා මා කුස්සියට කැඳවා, පොල් ගෑමටත්, මිරිස් ඇඹරීමටත්, පිඟන් හා හැළිවලං සේදීමටත් පුරුදු කරන නමුත්, තම්බන ලද අර්තාපල් අලවල පොතු ගැලවීමට හෝ, සැමන් ටින් කැඩීමට හෝ උම්බලකඩ කැපීමට හෝ කිසිම අවස්ථාවක ඉඩ නොදෙයි. මේක හැබෑ නීතියක්නේ!

කරුණු මෙසේ බැවින්, දැන් මට ගෙදර සිටින එක තිත්ත වී ඇත. ගෙදරින් පිටවීමට තරම් හිතක් දැන් මට ඇත. ඒ සඳහා දැන් මා අමුතුවෙන් මහන්සි විය යුතු නැත. මෙම ලිපිය ඉන්ටර්නෙට් එකේ පලවී අපේ ගෙදර කස්ටියට කියවන්නට ලැබුණ පසු මට නිකම්ම ගෙදරින් යන්නට සිදු වනු ඇත... එහෙම වුණොත් මා කොහේ යන්නද?

***කලින් දැමූවකි

"දරුවා දුන්න දෙයිය"


අපේ ඇම්ඩා ඉතින් වැඩකරු කියලා කවුරුත් දන්නවනේ.ඒත් ඉතින් ඇම්ඩා බැදලා ටික කාලයක් යනකන්ම ලමයෙක් ලැබුනේ නෑලු. ඇම්ඩාටත් මාර අවුල්. ඇම්ඩාගෙ ගෑනිටත් සෑහෙන අවුල්. ඇම්ඩට අවුල් උනාට පොඩි හැපි එකකුත් තිබ්බා. මොකද ඉතින් daily f%$king no children නිසා. කොහොමහරි ඇම්ඩගෙ ගෑනිගෙ දැඩි බලකිරීම මත ඇම්ඩා එක්ක කෝවිලකට ගිහින් භාරයක් උනා. කොහොමහරි මේ භාරේ නිසාමද මන්දා ඇම්ඩාගෙ ගෑනිට ලමයෙක් ලැබුනා. ඇම්ඩාගෙ ගෑනිට හෙන සතුටුයිලු. ඇම්ඩාවත් එක්කගෙන කෝවිලට ගියපු ඇම්ඩාගෙ ගෑනි ලමයව උස්සලා පෙන්නමින් තාලෙට මෙහෙම කියමින් කෝවිල වටේට යනවලු.

"දෙයියෝ දුන්න ලමයා මෙන්න... දෙයියෝ දුන්න ලමයා මෙන්න..."

මේක ඇහෙනකොට ඇම්ඩට ඉන්න බෑලු. අම්මටසිරි වෙන්න මලලු. මොකද ඉතින් මේ ගෑනි කෑගහන් විදියට නිකන් මේ ලමයා ලැබිලා තියෙන්නෙ දෙයියෝ ඇම්ඩාගෙ ගෑනිට හු#$ වගෙනෙ.

ඇම්ඩාත් කල්පනා කරලා සරම උස්ස උස්ස තාලෙට මෙහෙම කියනවලු.

"දරුවා දුන්න දෙයියෝ මෙන්න... දරුවා දුන්න දෙයියෝ මෙන්න..."

Wednesday, July 8, 2015

ඇම්ඩන්ගෙ තාත්ත (වැඩිහිටි කතා)

ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු (ගනිකා සේවනය). ඒ පලාතේ නොගහපු එකක් නෑතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු. අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු,

"ආ.... උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද",
"උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද"... කියල..

ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිසරදයක්.

තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑ.

අපේ ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර එන ගමන් පාරෙ හිටිය වැස්සියෙක්ගෙ පස්ස පැත්තෙ ඇගිල්ල ගහගෙන ආවලු. ගෙදරට ආව විතරයි තාත්ත ඉව කරල බැලුවලු. මෙන්න ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන එලියට බැස්සලු.

අපේ ඇම්ඩන් ඇහුව "තාත්තෙ කොහෙද යන්නෙ?"..... කියල.

"නෑ මේ මම නොදන්න අලුත් කෑල්ලක් බැහැල, පොඩ්ඩක් බලල එන්නම්....." කියල හන්දිය පැත්තට ගියාලු...