Monday, May 31, 2010

සිරි යහනේ

සංගීත සංදර්ශණයකදී එක් රසිකාවියක් වේදිකාවේ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියෙනව....

අනේ අයියේ එඩ්වඩ් අයියට කියන්නකො සිරි යහනේ ගහන්න කියල..

එවිට සංවිධායක තුමා මෙහෙම කියල:

නංගි එඩ්වඩ් අයියා තවම ආවෙ නෑ. එතකං මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහ යට ගහන්න කියල....

වයිරස් එක

Wednesday, May 12, 2010

වියපත් යුවල

ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්.... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්.... වියපත් ස්වාමිපුරුෂයා අමතා..

"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"

වියපත් තැනැත්තා - " අනේ එපා... "

තරුණයා - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "

වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ...."

පෙම් හසුන්

ආච්චි අම්මා - "මට මතකයි මම තරුණ කාලේ මාත් පෙම් හසුන් ලියනවා එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති. එතකොට මගේ පෙම්වතා යුද්දෙට ගිහින්. එයාත් මට හැමදාම ලියුම් ලියනවා. මාත් ලියනවා"

මිණිබිරී - "හානේ...... ඒ කියන්නේ ආච්චියි ආතයිත් හොඳ ආදර වන්තයෝ... යුද්දේ ඉවර වෙලාද ආච්චී කසාද බැන්දේ ? "

ආච්චි අම්මා - " නෑ බං..... අන්තිමට හැමදාම ලියුම් බෙදන්න එන ලියුම් කාරයත් එක්ක මම පැනල ගියා. එයා තමයි දැන් උඹේ ආතා."

ගොල්ෆ් ක්‍රීඩකයා

ඉතා වයස්ගත පුද්ගලයෙක් සහ තරුණ පුද්ගලයෙක් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. වයස් ගත තැනැත්තා තරුණයා අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.

තරුණයා - "මේ මහත්තයා කොහොමද මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"
වයස්ගත තැනැත්තා - "ඕව මොනවද, මම මේ ළමයගේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... ඔය ළමයට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"

තරුණයා - "අම්මේ ............ ඒකේ උස.... ඔයානම් මාරයි"

වයස්ගත තැනැත්තා - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... ළමයෝ..."

සීල් එක

අළුත විවාපත් යුවලක් පිළිසිඳ ගැනීමකට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවීමට ගියේ වැඩි හොඳටය.
දෙදෙනාගේ තොරතුරු අසා දැනගත් වෛද්‍යවරයා... සිය ලාච්චුවෙන් මුද්‍රාවක් (සීල් එකක්) ගෙන ....

තරුණියගේ උදර ප්‍රදේශයේ සීල් එකක් ගසා..
"ඕක ලේසියෙන් මැකෙන්නෙ නෑ" ගිහින් එන්න යි කීය.

දෙදෙනාටම මෙම සීල් එක ගැන ගැටළුවකි.

ගෙදරගොස් ලොකුකර බලන කණ්නාඩියක් ගත් පුරුෂයා එය හොඳින් පරීක්ෂා කර බැලීය.

ඉතා කුඩා අකුරින් එහි තිබුනේ "මෙය කියවන්න පුළුවන් වූ වහාම මා හමුවන්න" කියායි

කතන්දරේ

යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආ මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.

තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "

හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.

දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පළමුවැන්නා - "කියපං බං"
තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"

පිය උරුමය

යා සමග ජීවත්වූ ජැක් පියාගේ අවෑමෙන් තමන්ට උරුම වෙන වස්තුව ලැබුන පසු ලස්සන බිරිඳක් සමග සිය ජීවතය ගතකරන අයුරු සිහින මවමින් කාලය ගෙව්වේය. දිනක් ඔහුට ඉතා පියකරු ලඳක් මුණ ගැසුනි. ව්‍යංගයෙන් ඇයට තම අදහස පලකරන්නට සිතූ ජැක්..

ජැක් - මේ බලන්න, මම මේ වාගේ හිටියට තව අවුරුදු දහයකින් පහලවකින් කෝටි පතියෙක්

ලඳ - ඒ කොහොමද ?

ජැක් - මගෙ අම්ම නැතිවෙලා. මගේ තාත්තා මැරුන පසු ඔහුගේ කෝටි ගානක වස්තුව අයිති වෙන එකම පුතා මම. ඔයාට ඒ වස්තුවෙන් කොටසක් අයිති කරගන්න පුළුවන්.

ලඳ - ඒ කොහොමද?

ජැක් - හිතන්නකෝ..... කියමින් ඔහුගේ විස්තර සහිත කාඩ් පතක් ඇයට දුනි

සති කීපයකට පසු ජැක්ට ඇයගෙක් ලිපියක් ලැබුණි

“ කරුනාවන්ත ජැක්...

ඔයා මේ ලියුම දැකලා හුඟක් සතුටුවෙයි. මම ඔයා කිව් කාරනාව ගැන සෑහෙන්න හිතුවා. තාත්තත් නැති මට ඔයාගේ වස්තුවෙන් කොටසක් අයිති කර ගන්නේ කොහොමද කියලා. අන්තිමට මම ‍මගේ අම්මත් එක්ක කථා කල ඒ ගැන. ඔයාගේ තාත්තත් එක්කත් කථා කලා ඒ ගැන. දෙයියෝ මගේ මූන බැලුවා ජැක්. ඔයාගේ වස්තුවෙන් මට කොටසක් අයිති වෙන්නයි යන්නේ. ලබන සතියේ අපේ අම්මා ඔයාගේ තාත්තව කසාද බඳිනවා.”

ජීවිතය

"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන *****ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

රාජකාරිය

නගරසභාවේ සේවකයන් දෙදෙනෙක් ඉතා මහන්සියෙන් පාර අයිනේ වැඩක යෙදෙමින් සිටී. එක් අයෙක් ගැඹුරු වලක් කපා ඉවත්ව යනතුරු සිට අනෙකා එම වල වසා දමයි. අනෙකා නැවත වලක් හෑරූ විගස අනෙකා නැවත වල වසා දමයි. අසල කාර්යාලයක ජනේලයෙන් මේ දෙස බලා සිටි පුද්ගලයෙක්......
"මේ ඔහේල දෙන්න දිහා මම සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන හිටියේ... තමුසෙල දෙන්න පුදුම උනන්දුවක් තියෙන අවංකව වැඩ කරන මිනිස්සු දෙන්නෙක්. ඒ... එත් මට තේරෙන්නේ නැහ තමුසේ වලවල් කපන්නේ ඇයි ? අනෙකා ඒවා වහන්නේ ඇයි කියලා...."

සේවකයා - "අයියෝ... ස..ර්. ඒකවත් තේරෙන්නේ නැද්ද? අපි මේ පැල හිටෝනවා."
පැල හිටෝනවා! කෝ අයිසේ පැල ?
සේවකයා - පැල හිටෝන එක්කෙනා අද නිවාඩු. ඉතිං අපි අපේ අපේ රාජකාරිය කරනවා

අවධානය පිණිසයි!

අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි. නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද? එසේත් නැතිනම් වි්යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක් නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක (International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
*#06#

එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.


ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.


උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X


*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි.



*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතුටු දායකය.




*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.



*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්යටද මහත් තර්ජනයකි.

තැබෑරුම