Friday, August 20, 2010

මනමේ - MANAME

ප්‍රේමයෙන් මන රංජිත වේ - නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ - ලංකෘත වේ
ආලයෙන් වෙළි සැදි මෙ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

කෝකිල හඬ කන් පිනවයි - රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දු - අම බින්දූ
සෑම දෙසේ සංගීත ඇසේ
පිපි තඹරන නද බඹරන පිය රැව් දෙන ලිය කිඳුරන

ප්‍රේමයෙන් මන රංජිත වේ - නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ - ලංකෘත වේ
ආලයෙන් වෙළි සැදි මෙ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

Monday, August 16, 2010

සිංහබාහු - SINHABAHU

ශ්‍රී ලංකාවේ ‍ෙඑතිහාසික ලේඛනය වන මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්‍රවාදය අනුව,සිංහබාහුගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව වංග කුමාරිකාවක් වූවාය. ඔහුගේ අත් සහ පා සිංහයෙකුගේ පය මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොයුරියක් විය.සිංහසීවලී කුමරිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්‍රවාදයන්හි කියැවේ. තම බිරියට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය.සිය පුතා වැඩිමහළු වූ කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.

සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා සිංහයාගේ හදවත පසාරු කලේලු.එම "වීර" ක්‍රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ.මෙය නිෂ්ප්‍රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන ලාට රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
සිංහබා සිංහබා සිංහබා

මා සොදුර මා සොදුර මා සොදුර
සිංහ සීවලී මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි මම සැක කලෙමි
සිංහබා සිංහබා සිංහබා

ලෙන තුල නොවෙති
පෙරලා නොඑති
මම දැන ගතිමි මම සැක කලෙමි
සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
අහර පිසන්නිය
සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
අහර පිසන්නිය

කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

ඈත් ගොසින්ය ඈත් ගොසින්ය
ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී
ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

Sunday, August 15, 2010

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වියෝ වී 14 වසරක් සපිරීම නිමිත්තෙනි

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වියෝවී හෙට (16) වැනිදාට වසර 14ක් සපිරෙයි.

අසභ්‍ය

එක් තරබාරු නිළියක් ‘සිංහබාහු’ නාට්‍යයේ රඟපෑවාය. දිනක් ඇය හිරට හිරේ ඇඳුමක් ඇඳගෙන පැමිණියාය. මහාචාර්ය සරච්චන්ද්‍ර ඇය දෙස අමුතු බැල්මක් හෙළනු දුටු ඇය මෙසේ ඇසුවාය.

”මේ ඇඳුම ටිකක් අසභ්‍යයි වගෙ නේද සර්?”

එවිට මහාචාර්ය සරච්චන්ද්‍ර මෙසේ පිළිතුරු දුන්නේය.

”ඇඳුම නම් අසභ්‍ය නැහැ. ඒත් ඇඳුම ඇඳන් ඉන්න කෙනා නම් අසභ්‍ය වෙන්න පුළුවන්

සයිමන් නවගත්තේගම

හැත්තෑව දශකය මුල් භාගයේදී පමණ එක්තරා ගුවන් විදුලි සාකච්ඡාවකට සයිමන් නවගත්තේගමට කැඳවීමක් ලැබිණි. සාකච්ඡාව මෙහෙයවූයේ මහාචාර්ය සරච්චන්ද්‍රය. එහිදී සරච්චන්ද්‍රයන් විසින් සයිමන් හඳුන්වා දෙනු ලැබුවේ මෙලෙසිනි.

”අද අපේ වැඩසටහනට ආරාධිත තරුණ ලේඛකයා ස.වි.ම.න් නවගත්තේගම මහතායි. වාසනාවකට වගේ පසුගිය වසරේ මෙතුමා ලියූ කෘතියකට සාහිත්‍ය සම්මානයක් ලැබුණේ නැහැ. ඒ හන්දා මේ අවුරුද්දේ ඔහු රසවත් කෘතියක් ලියලා තියෙනවා. ඒ තමයි ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ කියන කෘතිය”

පුතුගේ නම

පුවත්පත් කලාවේදියකු වන අනුර බණ්ඩාර රාජගුරු වරක් ‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් හමුවී සම්මුඛ සාකච්ඡාවක් කළේය. සාකච්ඡාව අවසානයේ රාජගුරු එතුමාගේ දූදරුවන්ගේ නම් ගම් මොනවාදැයි විමසුවේය. විශේෂයෙන් එතුමාගේ එකම පුත් රන්සි දීපංකර ගේ නම කුමක්දැයි ඔහු ඇසුවේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ඒ අවස්ථාවේ තම පුතුගේ නම මතකයට නොආවේය.

”අනේ රාජගුරු, පුතා මිදුලේ සෙල්ලම් කර කර ඉන්නවා. යමින් ගමන පුතාගෙන් නම මොකක්ද කියලා අහගෙන ලියාගෙන යන්න” යැයි මහාචාර්ය සරච්චන්ද්‍ර කියා සිටියේය.

වේදිකා නාට්‍යය

වරක් වේදිකා නාට්‍යයක් නරඹා මහාචාර්ය සරච්චන්ද්‍ර රඟහලෙන් පිටතට පැමිණියේය. එවිටම ඔහු සොයා ආ නාට්‍ය නිෂ්පාදකවරයා

”සර් කොහොමද නාට්‍යය හොඳද? යැයි විමසුවේය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් මඳක් කල්පනා කරන අතරේ ඔහුගේ කුඩා දියණිය

”හරි ෂෝක් තාත්තේ! අපිට නම් නාට්‍යය හොඳයි” යැයි කීවාය.

ඉන් පිබිදුණු මහාචාර්ය සරච්චන්ද්‍ර මෙසේ පිළිතුරු දුන්නේය.

”ඔව් ඉතිං පොඩි ළමයින්ට නම් මේ නාට්‍යය හොඳයි.”

පුනරුත්පත්තිය

වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පුනරුත්පත්තිය පිළිබඳ විවාදයක් පැවැත්විණි. පුනරුත්පත්තියක් ඇතැයි යන පිල නියෝජනය කළේ මහාචාර්ය කේ.එන්.ජයතිලකය. මහාචාර්ය සරච්චන්ද්‍ර ඊට ප්‍රතිවිරුද්ධ පිල නියෝජනය කළේය. මහාචාර්ය ජයතිලක විවාදය සඳහා ලොකු පොත් මිටියක්ම රැගෙන විත් තිබිණි. මහාචාර්ය සරච්චන්ද්‍ර පැමිණියේ හිස් අතිනි. මහාචාර්ය ජයතිලක තම මතය තහවුරු කිරීම උදෙසා තමා ගෙන ආ පොත්වලින් කරුණු උපුටා ගෙන කතා කළේය. මහාචාර්ය සරච්චන්ද්‍රගේ වාරය එළැඹිණි.

”මට නම් පුනරුත්පත්තියක් ඇත්තෙත් නෑ. ඕනැත් නෑ. ඒත් දැන් මේ විවාදයට ආවට පස්සේ නං මට තවත් ආත්ම කීපයක්ම තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. මොකටද දන්නවද? අර පොත් ටික සේරම කියවන්න”

සම්මුඛ පරීක්ෂණය

මහාචාර්ය සරච්චන්ද්‍ර සිවිල් සේවා විභාගයේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේය. එහිදී පරීක්ෂක මණ්ඩලයේ අයෙක්.

”ඔබ කොළඹ වික්ටෝරියා පාර්ක් එකට ගිහින් තිබෙනවාදැයි” ඇසීය.

මහාචාර්ය සරච්චන්ද්‍ර ‘ඔව්’ යනුවෙන් කෙටි පිළිතුරක් දුන්නේය. ඊළඟට තවත් ප්‍රශ්නයක් නැඟිණි.

”එහෙම නම් පාර්ක් එකේ මල් වර්ග කීයක් තියෙනවද? ඒවා මොනවද?

එකී ප්‍රශ්නයෙන් කෝප වූ මහාචාර්ය සරච්චන්ද්‍ර අසුනෙන් නැඟිට

”දැන් මට මතක නැහැ. ආයිත් පාර්ක් එකට ගිහින් බලාගෙන ඇවිත් හරියටම ගාණ කියන්නම්”

යැයි පිළිතුරු දුන්නේය.

සිංහබාහු