Friday, December 23, 2011

බුබුළු


ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්‍ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි.

මිස් : ආයුබෝවන් ළමායි…

ළමයි : ආයුබෝවන් ටීචර්.

මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු.

1 පිරිමි ළමයා : මගේ නම අචල. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න.

2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ…

3 පිරිමි ළමයා : මගේ නම ධනංජය. මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා. හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න.

1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න.

මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න.

2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න.

මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා…

3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න….

මිස් කලන්තේ දාල වැටුනලු….

Friday, February 18, 2011

රිදි හැන්ඳ

තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු හර්ෂන තනිකඩ ජීවිතයක් ගත කලේය. ඔහුගේ මව අනෙකුත් නෑයන් යාබද ගමක විසූහ. නමුත් හර්ෂන තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේම ජීවත් විය.


ජනවාරි පළමුදා හර්ෂන තම මවට දිවා අහාරයට ආරාධනා කලේය. තම පුතාගේ ආරාධන සතුටින් පිළිගත්හර්ෂනගේ මෙහෙකාරිය ඉතා ආකර්ෂණීය මෙන්ම හොඳ හැඩකාරියක් බව දිවා අහාරය අතරතුරදී හර්ෂනගේ මවට දැකගත හැකි විය. මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය.


මෙහෙකාරිය දුටු වෙලේ සිට මවගෙ ඔලූවෙ දුවන්නට වූයෙ මොවුන් දෙදෙනා අතර මීට වඩා යම්කිසි සම්බන්ධතාවක්්් තිබිය නොහැකිද යන්නය. තම පුතා හොඳ කුකුලෙක් බව හර්ෂනගේ මව හොඳින් දැන සිටියාය.

තම මව තමා දෙසත්, තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් හර්ෂන මෙසේ පැවසීය,
“අම්මා හිතන විදිහෙ කිසිම දෙයක් අපි අතරෙ නෑ!, ඒ මගේ වැඩකාරි, එච්චරයි!!”


ඊට දින තුනකට පමන පසු හර්ෂන වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය,
“මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ, මහත්තයගේ අම්මා වැර්දිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ”


“හ්ම්ම්.. වෙන්න බෑ, කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්” හර්ෂන පිළිතුරු දුනි.


හර්ෂන තම මවට මෙසේ ලිවීය :
“ආදර්ණීය අම්මේ,

මම කියන්නෑ අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා, ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති උනේ.
හර්ෂන පුතා ”

දින කිහිපයකට පසුව හර්ෂනට තම මවගෙන ලියුමක් ලැබිනි. ඇය මෙසේ ලියා තිබුනාය,
“හර්ෂන පුතේ,

මම කියන්නෑ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදාගන්නවා කියලා, ඒවගේම පුතා ඒකිත් එක්ක නිදාගන්නෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ. නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා.
ආදරණීය අම්මා.“


බහිරවයා

සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.
ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.

තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය.

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.

දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය.

"ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.

"ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න" සැමියා සමාව ඉල්ලා සිටියේය.

"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්"
යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.

"හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය,
"මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!"

"අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි.

"හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය.

මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව,
"මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා"
යැයි කීවාය.

"හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය.

"හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.

"මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!"
යැයි බහිරවයා කීය.

එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??"

මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය.

"ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය.

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?"

"ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

"සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???"

Thursday, January 27, 2011

රස ගුණ දෙන අපේ එළවළු

ගොටු කොළ
මොළයට හා ස්නායු පද්ධතියට හිතකරයි. මතක ශක්තිය දියුණු කරයි. ඇසට හිතයි. පීනස සමනය කරයි. ලේ පිරිසිදු කරයි. සම පැහැපත් කරයි. පණුරෝග නසයි. මුත්‍රාකාරකයි. මවුකිරි වඩයි.

මැල්ල
මැල්ල දළු ලුණු වතුරෙහි පොඟවා තෙලේ බැද හෝ කොටා මලවා මැල්ලුම වශයෙන් හෝ ආහාරයට ගත හැකිය. මස් පිඬු වේදනා, වාත රෝග, ආමවාත රෝගවලදී ගුණදේ.

මොණර කුඩුම්බිය
අක්මාවේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරයි. ශරීරගත විෂ පහකරවයි. ලෙය පිරිසිදු කරයි. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි. ආහාර ජීරණය හා අවශෝෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරයි.

කරපිංචා
අක්මාවේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. කුසගින්න දල්වා ආහාර රුචිය ඇති කරයි. ආහාර දිරවීම යහපත් කරයි. පණුරෝග නසයි. ද්‍රව මල කැටිකර මල පිටවීම යහපත් කරයි. ශරීරගත විෂ ඉවත් කරයි. අධික රුධිර පීඩනය හා ලේවල මේදය පාලනය කරයි.

දිය හබරල
දළු මෙන්ම මල්ද ව්‍යාංජනය සඳහා ගැනේ. හොඳ මුත්‍ර කාරකයකි. අතුල් පතුල් බඩ පපුව හා මුත්‍ර දාහය සමනය කරයි. පිත සමනය වේ. වාත රක්ත හා ප්‍රමේහ රෝග වලදී ගුණදායකය.

කිරි අඟුණ
කොළ මැල්ලුම ලෙසද, දළු සලාදය ලෙසද ආහාරයට ගැනේ. ලෙය පිරිසිදු කරයි. මල බද්ධය දුරු කරයි. මව්කිරි වඩයි. සම පැහැපත් කරයි. පණුරෝග හා සෙම සමනය කරයි. අධික රුධිර පීඩනය පාලනය කරයි.

තෙබු
දළු සලාදය වශයෙන් හා ව්‍යාංජනය වශයෙන් ආහාරයට ගත හැකිය. අර්ශස් හා අමිල පිත්ත රෝගයට ගුණදායකය. මල බද්ධය දුරු කරයි. පණුරෝග නසයි. අක්මාවේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරයි. එහෙයින් සෙංගමාලය වැනි රෝගවලදීද ගුණයි.

ඇඹුල් ඇඹිලිය
කොළ රසවත් ව්‍යාංජනයක් වශයෙන් හෝ කලවම් පලාවට යොදා හෝ ආහාරයට ගත හැකිය. ආහාර රුචිය හා කුසගින්න වැඩි කරවයි. ආහාර ජීරණය යහපත් කරවයි. ද්‍රව මල කැටි කරයි. ග්‍රහණිය ශක්තිමත් කරයි. බඩ පිපීම සුවපත් කරයි. ග්‍රහණි අතීසාර රෝගවලින් පසු ආහාර දෙනවිට ඉතා හොඳ ව්‍යාංජනයකි.

නීරමුල්ලිය
ඉතා හොඳ මුත්‍ර කාරකයකි. ශරීරයේ ඉදිමුම් අවස්ථා අඩු කරයි. හෘදය ශක්තිමත් කරයි. ශරීරගත විෂ ඉවත්කරයි. ලෙය පිරිසිදු කරයි. වාත රක්ත හා ආමවාත රෝගවලදී ඉතා ගුණදායකය.