Tuesday, December 4, 2012

පිටිකිරි බොනවාද?

පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්න...

කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස භාවිතයට ගන්නා කිරිපිටි , සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද?
අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු....

උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක්‌ පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්‍රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්මක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය.


නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්" මගින් පර්යේෂණ කර සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික රටවලට ලාබෙට එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන **** සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්‍යාජ්‍ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.දැවැන්ත ලෙස වඩාත් සංවේදී තැන් ස්පර්ශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක ග්‍රහණයට අප හසු වී ඇත.

අත්‍යවශ ආහාරයක් ලෙස සිත් තුලට කැවීමට උත්සුක නොවන්නේ නම් කිරිපිටි මිල රු.30කින් අඩු කල හැකි බව ගණනය කර තිබේ.ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ජෝන් වීස්බර්ග් පවසන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හර්ද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔහු පෙන්වා දෙයි.

බලාපොරොත්තුවන ගුණය නොලබෙනවට වඩා ඔබ්බට ගිය හානියක් කරන ආනයනය කරන ලද කිරිපිටි, රෝග රැසකට මුලපුරන බව ඔබ දන්නේ නම් කිසි දිනක රටපිටිකිරි භාවිතා නොකරන බවට නිසැකය. ඒවා සෘජුව වකුගඩු අක්‍රමිකතා ,දියවැඩියාව,අධි රුධිර පීඩනයට හා ඇතැම් පිළිකා තත්ත්ව වලට බලපාන බව වයිද්යවරු විසින් තහවුරු කර ඇත.චීනයේ කිරිපිටි පානය කර මියගිය ළදරුවන් සමග ඇති වූ රැල්ලත් සමග ලංකාවේද “මෙලමයින් ”නමැති රසායන ද්‍රව්‍යය ඇත්දැයි පරීක්ෂා කෙරුණි.එහිදී චීනයේ තරම් නොවුනත් යම්කිසි ප්‍රතිශතයක් ඇති බව තහවුරු විය.මෙවැනි රසායන ද්‍රව්‍ය දීර්ගකාලයක් ශරීරගත වූ විට දියවැඩියාව සෑදීමට ප්‍රවනතාවයක් ඇත.මෙරට නාගරික ජනග්‍රහණයෙන් 16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි "?" .
මෙතරම් හානි ගෙනෙන රට පිටිකිරි ආනයනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 20,000 වැය කරයි.අතිශය නිරර්ථක හා හානිකර කිරිපිටි ගෙන්වීමට වැය වන විදේශ විනිමය අපට නවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? මේවයේ සත්‍ය ස්වභාවය තවමත් වසන් වී ඇත්තේ ඇයි? දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවා රටට ගුණදායක දේවල් වෙළදපොලට නිකුත් කිරීමට රජයන්ට නොහැකි වී ඇත්තේ අදාළ බහුජාතික සමාගම් අප සිරකොට ඇති නිසාවෙනි .අධිරාජ්‍යවාදය පැතිරෙන්නා සේ බහුජාතික සමාගම් අප රට තුල පැලපදියම් වී වෙළදපොල පවත්වා ගැනීමට කටයුතු කරයි.බලය භාවිතා කර කිරිපිටි වලට ප්‍රචාරණය ලබා දෙන අතර එහි අසුභවාදී පැති සගවන්නේ මර්ධනය කිරීමෙනි.වසන් කිරීමෙනි.

මේ පණිවිඩය හැකි තරම් ප්‍රචාරය කරන්න.Facebookහි shareකරන්න
ආර්ථිකය කෙසේ වෙතත් අරෝග්‍යය පරම ලාභයයි.හැකි තරම් දේශීය කිරිපිටි හා දේශීය පාස්චරිත කිරි පානය කරන්න.

“අම්මාගේ ආදරය” රැගත් “නුවණක්කාරයන්” ගන්නා “දෙනුන්ගෙන් දොවාගත් සැබෑම එළකිරි ” වලට අප හසුවී ඇති තරම දැන් වැටහුනි ද?