Friday, June 26, 2015

සතර පොහොයේ කථාව



සතර පොහොය පිළිබඳ ඉතිහාසය බුද්ධ කාලීන  භාරතයට  ඇදී යයි. පොහොය අව හා පුර ලෙස දෙවර්ගයකි.  සඳේ කොටසක් පේන්න පටන්  ගන්නා පළමු  දිනය හඳුන්වන්නේ  පෑලවිය  ලෙසටය. දෙවන දිනය  දියවක ලෙසත් ,තුන්වන දිනය තියවක ලෙසත් ,හතරවන  දිනය  ජලවක ලෙසත් ,පස්වන  දිනය විසේවනිය ලෙසත් ,හයවන දිනය සටවක ලෙසත්, හත්වන දිනය  සතවක ලෙසත්, අටවන  දිනය අටවක ලෙසත් හැඳින්වේ. අටවක දිනයේ  සඳ පෙනෙනුයේ  චන්ද්‍රයාගෙන්  භාගයකි.එය අතීතයේ  පටන් පොහෝ  දිනයක් ලෙස සලකන්නට  පටන්ගෙන  ඇත.
අටවක පොහොයෙන් පසු  නවවක, දසවක, එකොලොස්වක,  දොළොස්වක, තෙළෙස්වක,  තුදුස්වක, පසළොස්වක ලෙස පොහොය ව්‍යවහාර  වන්නට විය. සම්පුර්ණයෙන්ම පුර හඳ ඇති දිනය පසළොස්වක පොහොය වන අතර එය සතර පොහොයෙන්  ප්‍රධාන පොහොය වේ.
සඳේ පිරිහීයාම ඊ ලඟට  ආරම්භ වේ. ඒ අනුව පෑලවිය, දියවක ආදී වශයෙන්  ක්‍රම ක්‍රමයෙන්  සඳෙහි  පිරිහී යාම් දින පහළොවක් ගතවන  තැන  එය අමාවක නමින් හැඳින්වේ. ඒ අනුව සතර පොහොය වන්නේ  පුර අටවක , පුර පසළොස්වක, අව අටවක හා අමාවක  වේ.
සතර පොහොයට අමතරව අධි පොහොය  වශයෙන්ද,පොහොයක් අපට හඳුනාගත හැකිය. එය ඇති වී තිබෙන්නේ  චන්ද්‍ර මාස ක්‍රමයේ  දින 28 ක්ද, ඉංග්‍රීසි මාස ක්‍රමය  අනුව  දින 30, 31 ක්ද  සලකා  අවුරුදු  තුන හතරක්  ගතවූ පසු  ඉංග්‍රීසි මාස ක්‍රමයේ  ඉතිරි වී  සැදෙන්නාවූ  කාලයන් එකතු වීමෙනි. මෙයට හොඳ  උදාහරණයකි:  2015 වසරේ  ජූලි මස 01 වැනිදා අධි ඇස පොහොයකුත්  එම මාසයේම 31 වෙනිදා  තවත් පොහෝ  දිනකුත්  එම මාසයට යෙදී තිබේ.
පුර පසළොස්වක පොහෝ දින නිවාඩුව  මිහිඳු  මහා රහතන් වහන්සේගේ කාලයේ පටන් ආරම්භ වුවකි. ඒ අනුව අවුරුදු 2000 ට වැඩි කාලයක්  තිබූ  පොහොය නිවාඩුව  1770 දී  ජෝන් නම් ආණ්ඩුකාරවරයා  අහිමි  කර තිබුණි. එය නැවත 1811 දී  බ්‍රවුන්රිග් නම්  ආණ්ඩුකාරවරයා  නැවත ඇති කර ඇත.
බෞද්ධ  ළමා පරපුරට , තරුණ පරම්පරාවට   අවම වශයෙන් දෙමාපිය  රැකවරණය  තුල සිටින  කාලය තුළදීවත් සතර පොහොය පිළිබඳව   යම් මතක් කර දීමක්  ශ්‍රී ලාංකීය බෞද්ධ වැඩිහිටියන්   වශයෙන්  ඔබ අප සැමගේ  වගකීමක් බැව් අවධාරණය කර සිටුමු.  

Wednesday, June 10, 2015

රස ගුණ දෙන අපේ එළවළු

ගොටු කොළ
මොළයට හා ස්නායු පද්ධතියට හිතකරයි. මතක ශක්තිය දියුණු කරයි. ඇසට හිතයි. පීනස සමනය කරයි. ලේ පිරිසිදු කරයි. සම පැහැපත් කරයි. පණුරෝග නසයි. මුත්‍රාකාරකයි. මවුකිරි වඩයි.

මැල්ල
මැල්ල දළු ලුණු වතුරෙහි පොඟවා තෙලේ බැද හෝ කොටා මලවා මැල්ලුම වශයෙන් හෝ ආහාරයට ගත හැකිය. මස් පිඬු වේදනා, වාත රෝග, ආමවාත රෝගවලදී ගුණදේ.

මොණර කුඩුම්බිය
අක්මාවේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරයි. ශරීරගත විෂ පහකරවයි. ලෙය පිරිසිදු කරයි. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි. ආහාර ජීරණය හා අවශෝෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරයි.

කරපිංචා
අක්මාවේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. කුසගින්න දල්වා ආහාර රුචිය ඇති කරයි. ආහාර දිරවීම යහපත් කරයි. පණුරෝග නසයි. ද්‍රව මල කැටිකර මල පිටවීම යහපත් කරයි. ශරීරගත විෂ ඉවත් කරයි. අධික රුධිර පීඩනය හා ලේවල මේදය පාලනය කරයි.

දිය හබරල
දළු මෙන්ම මල්ද ව්‍යාංජනය සඳහා ගැනේ. හොඳ මුත්‍ර කාරකයකි. අතුල් පතුල් බඩ පපුව හා මුත්‍ර දාහය සමනය කරයි. පිත සමනය වේ. වාත රක්ත හා ප්‍රමේහ රෝග වලදී ගුණදායකය.

කිරි අඟුණ
කොළ මැල්ලුම ලෙසද, දළු සලාදය ලෙසද ආහාරයට ගැනේ. ලෙය පිරිසිදු කරයි. මල බද්ධය දුරු කරයි. මව්කිරි වඩයි. සම පැහැපත් කරයි. පණුරෝග හා සෙම සමනය කරයි. අධික රුධිර පීඩනය පාලනය කරයි.

තෙබු
දළු සලාදය වශයෙන් හා ව්‍යාංජනය වශයෙන් ආහාරයට ගත හැකිය. අර්ශස් හා අමිල පිත්ත රෝගයට ගුණදායකය. මල බද්ධය දුරු කරයි. පණුරෝග නසයි. අක්මාවේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරයි. එහෙයින් සෙංගමාලය වැනි රෝගවලදීද ගුණයි.

ඇඹුල් ඇඹිලිය
කොළ රසවත් ව්‍යාංජනයක් වශයෙන් හෝ කලවම් පලාවට යොදා හෝ ආහාරයට ගත හැකිය. ආහාර රුචිය හා කුසගින්න වැඩි කරවයි. ආහාර ජීරණය යහපත් කරවයි. ද්‍රව මල කැටි කරයි. ග්‍රහණිය ශක්තිමත් කරයි. බඩ පිපීම සුවපත් කරයි. ග්‍රහණි අතීසාර රෝගවලින් පසු ආහාර දෙනවිට ඉතා හොඳ ව්‍යාංජනයකි.

නීරමුල්ලිය
ඉතා හොඳ මුත්‍ර කාරකයකි. ශරීරයේ ඉදිමුම් අවස්ථා අඩු කරයි. හෘදය ශක්තිමත් කරයි. ශරීරගත විෂ ඉවත්කරයි. ලෙය පිරිසිදු කරයි. වාත රක්ත හා ආමවාත රෝගවලදී ඉතා ගුණදායකය.

හෘද සාක්ෂිය


මේක අපි හැමෝගෙම කතාවක් නේද?
කතාව මගේ නෙමෙයි.
කියවලම බලන්න...

මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..
මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..
මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..
කීක් කීක්... කීක් කීක්...
"patiyo, api ada lunch eka florance cafe 1n ganimu.. welawata enna. nathnam mama yanawa.. ummmmmmma."
හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ?
හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..
අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..
මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ
මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?
එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
-ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?
මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව ..
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..
මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ .......




ඔයා හිතන්න .. 
SHARE කරන්න .. 
මේ කතාව තව කාගේ හරි ජිවිතයක් වෙනස් කරයි...
උපුටා ගත්තේ: Aishcharya Gunaratna Adikari ගේ ෆේස්බුක් පිටුවෙන්.