නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා. මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල්දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා. මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස්,
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක් වරක් පමනයි.
•මෙම සාප්පුව මහල් 6කින් සමන්විත වේ.
•මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින පුරුෂයන් ගේ සුදුසුකම් ඉහල යයි.
•ඔබට එක් මහලකට ගිය විට කල හැක්කේ ඒ මහලෙන් පුරුෂයෙක් තෝරා ගැනීම හෝ ඉහල මහලට යාම පමනයි.
•ඔබට නැවතත් පහත මාලයකට යා නොහැකි අතර කල හැක්කේ සාප්පුවෙන් පිටවීම පමනයි.
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
ඉතින් ඔන්න ලසසන කාන්තාවක් දවසක් මේ සාප්පුවට ගොඩ උනා ස්වාමි පුරුෂයෙක් මිලදී ගන්න.
පලමු මහලට ඇතුල් වෙන තැන දොරේ මෙහම බෝඩ් එකක් ගහල තිබුනා.
►පලමු මහල: මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය.
පලමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවනි මහලට ගියා,දෙවනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුනා.
►දෙවනි මහල:- මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.
දෙවනි මහලෙත් වටයක් කැරකුනත් හිතට හරි නොගිය නිසා මෙයා තුන් වෙනි මහලටත් ගියා,තුන් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහල තිබුනු බෝඩ් එකේ ගහලා තිබුනේ මෙහම කතාවක්.
►තුන්වෙනි මහල :- මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදෙර් කරයි,බෙහෙවින් කඩවසම්ය.
තුන් වෙනි මහලේ වට 2ක 3ක් මෙයා කැරකුනා..ගොඩක් කඩවසම් පුරුෂයෝ දැකලා දෙතුන් පාරක් "ෂා..." කියලා කියවුනත් මෙයා හතර වෙනි මහලටත් යන්න තීරනය කලා.
සුපුරුදු පරිදි හතර වෙනි මහලට ඇතුල් වෙන දොරෙත් බෝඩ් එකක් තිබුනා.
►හතරවෙනි මහල:- මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදරෙ දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි.
"අනේ දෙවියනේ මේ ලෝකේ මෙහම පිරිමිත් ඉන්නවාද..." කියලා හිත හිතා හතර වෙනි මහලෙත් වට 3-4ක් කැරකුනා.අන්තිමේදි මෙයා පස්වෙනි මහලටත් යන්න පිටත් උනා. පස් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහලා තිබුනේ මෙහෙම බෝඩ් එකක්.
►පස්වෙනි මහල:- මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදෙර් කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි,සෑම
දිනකම භාර්යාවට තෑගිබෝග ලබා දෙනු ඇත.
පස්වෙනි මහලේ නම් මෙයා වට 10ක් 12ක් කැරකුනා..සමහර වෙලාවට ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා...අනාගත සැමියා ගැන සිහින මැව්වා.ඒත් මෙයාට හිතුනා අන්තිම මහලටත් ගිහින් බලන්න ඕනි කියලා.
අන්තිම මහලට ඒ කියන්නේ හයෙවනි මහලට ඇතුල් වෙන තැන දොරේ ගහලා තිබුනේ අමුතුම විදියේ බෝඩ් එකක්,ඒකෙ මෙහමයි තිබුනේ.
►හය වෙනි මහල: ඔබ මෙම මහලට ඇතුල් වන 4758943 වන කාන්තාව වන අතර මෙම මහලේ කිසිම පුරුෂයෙක් නොමැත.මෙම හයවෙනි මහල පිහිටුවීමේ එකම අරමුණ නම් කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි.
ස්වාමිපුරුෂයෙක් මිලදී ගැනීමට අප සාප්පුවට පැමිනි ඔබට ස්තූතියි!!!
කොල්ලොන්ට→ බලලා හිනා වෙන්නයි
කෙල්ලොන්ට → තමන් ගැන සත්‍ය දැන ගන්නයි
කතාව එව්වේ : අජිත් දිසානායක
සිංහල භාෂාවේ භාවිතා වන වචන සෙට් ටිකක් මෙහි දක්වා ඇත.. සමහර විටෙක මෙහි සඳහන් වන වචන වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඒවාය. මෙහි සඳහන් වචන කියවා අමනාප නොවන්න... මේවා අප සමාජයේ භාවිතා කරනු ලබන ඒවාමය. අප විසින් මෙම වචන මාලාව මෙහි සඳහන් කරන ලද්දේ භාෂාවට හානියක් පැමිණවීම සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.
Monday, September 16, 2013
Thursday, September 5, 2013
දිවි නසා ගන්නට ඕන නම්... නවසීලන්ත කිරිපිටි බිව්වට කමක් නෑ!
දිවි නසා ගන්නට ඕන නම්...
නවසීලන්ත කිරිපිටි බිව්වට කමක් නෑ!
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි ලියයි..
අපේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂණ පදාර්ථ ලබාගැනීමට කිරිපිටි බීම අත්‍යාවශ්‍යයි කියල මතයක් සමාජයේ පැතිරිල තියෙනව නේද?
මේක කිරිපිටි සහ කිරි නිෂ්පාදනය කරල බෙදා හැරල සාමාන්‍ය මහජනතාවගෙන් අයුක්‌තිසහගත ලෙස මුදල් හූරගෙන කන බහුජාතික සමාගම් මේ රටේ ඇතිකරපු මතයක්. අපේ ශරීරයට වෙනත් කිසිම ආහාරයකින් ලබා ගන්නට බැරි බව අඟවමින් කිරි බීමෙන් පමණක් ලබාගත හැකි යෑයි කියන ප්‍රධාන සංඝටක දෙකක් ගැන මේ සමාගම් ජනතාවට කියනව. ඒ තමයි ප්‍රෝටීන් සහ කැල්සියම්.
මේක තනිකරම මුසාවක්. කිරි කියන්නෙ ඕනම සතෙකු ගෙ ඉතා කුඩා කාලෙ අවශ්‍යතා පිරිමහන්න හැදිල තියෙන බීමක්. කුඩා දරුවන්ට මව්කිරි, හරක් පැටවුන්ට එළකිරි. මේවයේ සංයුතිය හැදිල තියෙන්නෙත් ඒ ඒ සතාට විශේෂ වෙන විදිහට. මව්‍කිරිවල සංයුතිය අනුව මුල්තැන ලැබෙන්නේ මාංශ සහ අස්‌ථි වර්ධනයට නොවෙයි. මොළයේ සහ ස්‌නායු පද්ධතියේ වර්ධනයට. එළකිරි වලින් වැඩිපුරම කරන්නෙ වසු පැටියගෙ අස්‌ථි සහ මාංශමය වර්ධනයක් ඇතිකිරීම. මව්කිරිවල ප්‍රධාන ඉලක්‌කය මොළය වර්ධනය කිරීම නිසා එහි ප්‍රොaටීන් හා කැල්සියම් ප්‍රතිශතය අඩුයි. මොළයේ වර්ධනයට අවශ්‍ය මේද සහ අනිකුත් පෝෂ්‍ය පදාර්ථ වැඩියි. හරක් පැටියෙකුට ඉක්‌මනින් අවශ්‍ය මොළය වැඩීම නෙමෙයි ඌ බාහිර පරිසරයට හැඩගැස්‌වීමයි. ඒ නිසා ඊට අවශ්‍ය උගේ පාද හා ශරීරය ශක්‌තිමත් කිරීමට උවමනා ප්‍රොaටීන් සහ කැල්සියම් එළකිරිවල වැඩියි. මේ නිසා මවුකිරි හරක් පැටියෙකුට ගැලපෙන්නෙ නෑ වගේම එළකිරිත් මනුෂ්‍ය දරුවෙකුට ගැලපෙන්නෙත් නෑ.
ඔබ ප්‍රබලව මතුකරන තර්කය එළකිරි සහ කිරිපිටි ඇතුළු එළකිරිවලින් නිෂ්පාදනය කරන ආහාර වැඩිහිටියන්ට අවශ්‍ය නැතිබව සහ ඒවා භාවිතයෙන් බරපතල ගැටලු ඇතිවන බව. කොහොමද ඔබ එහෙම කියන්නේ?
අපට මේ ලෝකේ ඕනෑම කාරණයක් ගැන හොඳම පාඩම කියල දෙන්නේ සොබාදහම. අපි සොබාදහමේ නීතියට අනුව ජීවත්වෙනව නම් කිසිම ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. මම මීට පෙර කතා කළ හැම මාතෘකාවක් ගැනම වගේ මේ කාරණය ගැනත් මම කතා කරන්නෙ සොබා දහම නිරීක්‍ෂණය කිරීම සහ සරල තර්ක බුද්ධිය කියන මූලික කරුණු 2 මත.
අලුත උපන් වසු පැටියෙක් උගේ මව් එළදෙන සමඟ පිට්‌ටනියක ඉන්නව කියල හිතන්න. මේ පැටිය නිතරම මව් එළදෙනගෙන් කිරි බොනවා. ටික කාලයක් නිරීක්‍ෂණය කරන විට අපට පේනව මේ පැටිය කිරි බොන අතරේ තණකොළත් එක දෙක කනවා. මේ පැටියා නෑම්බෙක් - නෑම්බියක් වෙනකොට කිරිබීම සම්පූර්ණයෙන් අතෑරල තණකොළ විතරක් කනව. ඒ කියන්නෙ වැඩුන පසුව වසු පැටියාවත් එළකිරි බොන්නේ නැහැ. ඒක තමයි සොබා දහම කියා දෙන පාඩම.
සොබාදහම මේ කියාදෙන පාඩම ජීව විද්‍යාත්මක සාක්‍ෂිවලින් ඉතාම හොඳට ඔප්පු වෙනව. ඒ මෙහෙමයි. කිරිවල තියෙන ප්‍රධාන සංඝටක දෙක වන ප්‍රෝටීන් සහ කබෝහයිඩ්‍රේට් ජීරණය කිරීමට අවශ්‍ය රෙනින් නමැති එන්සයිමය වයස අවුරුදු හතරෙන් පසු මිනිසුන්ගේ ආහාර මාර්ගයේ හැදෙන්නෙ නෑ. කිරිවල කාබෝහයිඩ්‍රේට් හැටියට තියෙන්නෙ ලැක්‌ටෝස් කියන සීනි වර්ගයයි. නමුත් ඔය බහුජාතික සමාගම් කවදාවත් කිරිවල සීනි තියෙනව කියල කියන්නෙ නෑ. එහෙම කියන්නේ නැත්තෙ මේ ඇත්ත කිව්වොත් දියවැඩියා රෝගීන්ට කිරිපිටි පොවා ගන්න බැරිවෙන හින්ද. ඔවුන් කාබෝහයිඩ්‍රේට් විදිහට හඳුන්වන කිරිපිටිවල තියෙන මේ සීනිත් අපේ ශරීරය තුළ ජීරණය කරන්න අවශ්‍ය ලැක්‌ටේස් කියන එන්සයිමයත් වයස අවුරුදු හතරෙන් පස්‌සේ අපේ ශරීරය තුළ හැදෙන්නෙ නෑ.
වයස අවුරුදු හතරෙන් පස්‌සෙ අපි කිරි බිව්වට කිරිවල තියෙන පෝෂ්‍ය දායක දේවල් අපේ ශරීරයට ලැබෙන්නෙ නෑ. අවුරුදු හතරෙන් පස්‌සේ කිරි අපේ ශරීරයට අවශ්‍ය නෑ. ඒක සොබාදහමේ තීරණයක්. අවුරුදු හතරෙන් පසු ශරීරය ප්‍රතික්‍ෂේප කරන දෙයක් අපි බලෙන් දෙනකොට අර්බුදයක් ඇති වෙනව. ලෙඩ රෝග හැටියට මතුවෙන්නෙ ඒ අර්බුදය තමයි.
කිරිවල අත්‍යවශ්‍යතාව අපේ සමාජය තුළ මතුකරල තියෙන්නෙ පෝෂණ අවශ්‍යතාවක් හැටියටයි. අපේ ශරීරයට අවශ්‍ය ඇතැම් පෝෂ්‍ය කොටස් ලැබිය හැකි එකම මග කිරි සහ කිරිපිටි කියලයි ඇතැමුන් හඳුන්වන්නෙ?
කිරිපිටි හදන මේ බහුජාතික සමාගම් අපේ ජනතාව එහෙම පිටින්ම මුලා කරල තියෙන්නෙ ඔන්න ඔතනදි තමයි. කිරිවලින් දෙන ප්‍රෝටීන් හා කැල්සියම් අපේ ශරීරවලට ගන්න වෙන කිසිම විදිහක් නෑ කියලනෙ මේ අය කියන්නෙ. පෝෂණයේ එකම මුරදේවතාව කිරිපිටි කියලයි මේ බහුජාතික සමාගම් අපේ ජනතාවට පෙන්වල තියෙන්නෙ. කිරිපිටි කියන්නෙ පෝෂණයේ මුරදේවතාවෙක් නොවෙයි. කුම්භාණ්‌ඩයෙක්, මළ පෙරේතයෙක්, පෝෂණයට අරක්‌ගත්තු ගෙවලයෙක්. ඒක මම විද්‍යානුකූලව ඔප්පු කරල පෙන්වන්නම්.
කිරි වීදුරු බාගෙක නැතහොත් මිලි ලීටර් 100 ක පෝෂණ සංයුතිය ගැන හිතන්න. මේ සමාගම් කියන විදිහට එළකිරි මිලි ලීටර් 100 කත් පැකට්‌ටුවේ පිටුපස තිබෙන විදියට කිරිපිටි දියකර හදාගන්න මිලි ලීටර් 100 කත් සංයුතිය එක සමානයි. ප්‍රමාණාත්මකව ගත්තොත් කිරිපිටි දියකර හදන මේ දියරයේ සියයට අසූඅටක් පමණම තිබෙන්නේ ජලය. පෝෂණය ගැන කතා කරන්න පුළුවන් ඉතුරු සියයට දොළහක කොටස ගැන විතරයි. මේ සමාගම් මහ ලොකුවට කියන ඔය ප්‍රොaටීනුයි කැල්සියමුයි තියෙන්නෙ එතනනෙ. නමුත් ඒ සීයයට දොළහෙ ප්‍රොaටීන් තියෙන්නෙ සියයට 3.5 යි. නමුත් අපට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වියළි හාල් මැස්‌සන් ග්‍රෑම් සීයක ප්‍රොaටීන් සියයට 62 ක් තියෙනව. කිරිපිටි ග්‍රෑම් 100 ක ප්‍රොaටීන් සියයට 3.5 ක් තියෙන විට වියළි හැල්මැස්‌සන්ගෙ ප්‍රොaටීන් ඒ වගේ 18 ගුණයක් තියෙනව. කඩල, මුං ඇට, පරිප්පු වැනි ධාන්‍යවල කිරිපිටි ග්‍රෑම් 100 ක ඇති ප්‍රොaටින් ප්‍රමාණයට වඩා ප්‍රෝටීන් දහ ගුණයක් තියෙනව. හාල් වලත් දෙගුණයක් තියෙනව. අපේ ගම්වල හැම වත්තකම වගේ කොස් ගහක් දෙකක් තියෙනවනෙ. මේ ගස්‌යට වැටිල කුණු වෙලා යන කොස් ඇටවල තියෙන ප්‍රොaටීන් ප්‍රමාණය අවුරුද්දක් පුරා ඒ ගෙදරකට ගේන පිටිකිරිවල තියෙන ප්‍රොaටීන් ප්‍රමාණයට වඩා වැඩිබව මම වගකීමෙන් කියනව. කොස් ඇට ග්‍රෑම් සියයක ප්‍රොaටීන් ග්‍රෑම් 4.5 ක් තියෙනව.
මේ සමාගම් අපට කිරිපිටි බොන්න කියන්නෙ ශක්‌තිය බලය හා ජවය ලබාගන්නනෙ. පිටිකිරි මිලි ලීටර් 100 ක තියෙන්නෙ කිලෝ කැලරි 67 යි. නමුත් මේක ඔය කියන තරම් ලොකු ගාණක් නෙමෙයි. හාල් ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 360 ක් ලැබෙනවා. කඩල, මූං ඇට වැනි ධාන්‍ය ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 350 - 400 දක්‌වා ලැබෙනවා. කජු, රටකජු, තල ආදියෙන් කිලෝ කැලරි 550 ක් ලබාගන්න පුළුවන්. පොල් තෙල් වැනි තෙල් වර්ග ග්‍රෑම් 100 කින් කිලෝ කැලරි 900 ක් ලබාගන්න පුළුවන්. ඒ අනුව අපේ ස්‌වභාවික ආහාර සමඟ සංසන්දනය කරල බලන විට මේ සමාගම් කිරිපිටි පෙන්වල අපේ ජනතාව මොනතරම් මුලාවකට පත්කරල ද කියන කාරණය පැහැදිලියි.
නමුත් කිරිපිටි අපේ අස්‌ථි වර්ධනයටත් අත්‍යාවශ්‍ය බවයි මේ සමාගම් කියන්නෙ?
ඔව්. කිරිපිටි බිව්වෙ නැත්නම් අපේ ඇට ටික කුඩේ කුඩු කියලනෙ මේ අය පෙන්වන්නෙ. ඒ වුණාට කිරිපිටි මිලි ලීටර් 100 ක කැල්සියම් තියෙන්නෙ මිලි ග්‍රෑම් 120 යි. වියළි හාල්මැස්‌සන් ග්‍රෑම් 100 ක කැල්සියම් මිලි ග්‍රෑම් 2480 ක් තියෙනව. කතුරුමුරුංගා ග්‍රෑම් 100 ක මිලි ග්‍රෑම් 1130 ක් තියෙනව. ඕනම පළා වර්ගයක ග්‍රෑම් සීයක කැල්සියම් කිරිපිටි ග්‍රෑම් 100 කට වඩා තුන් හතර ගුණයක් තියෙනව. රටකජු, කුරක්‌කන්, තල වැනි බෝග වර්ගවලත් කිරිපිටිවලට වඩා කැල්සියම් තියෙනව. දිවුල් බෙලි වැනි පලතුරු වර්ග වලත් අවශ්‍ය තරම් කැල්සියම් තියෙනව.
කිරිපිටිවල තිබෙන විටමින් මොනවද?
විටමින් ඒ සහ බී 2 සුළු වශයෙන් තියෙනව. කිරි සහ කිරිපිටිවල මේ සංයුතිය දිහා බලන විට ඔය සමාගම් කියන මහා පුදුම සහගත හෝ වෙන ආහාරවලින් ලබාගත නොහැකි පෝෂණ පදාර්ථ නෑ.
ඔබ ඔහොම කිව්වත් මේ කිරිපිටි වීදුරුවක් උදේටයි රෑටයි බිව්වම ස්‌වාභාවික ආහාරවලට පයින් ගහන්න පුළුවන් කියල සමහර ක්‍රීඩකයොත් එහෙම පයින් ගහනව අපි රූපවාහිනියෙන් දැකලත් තියෙනව?
ඔය සමාගම් දෙන සල්ලිවලට සමහරු එහෙම කරල පෙන්නුවට කිරිවල තියෙන පෝෂණ ගුණයවත් කිරිපිටිවල නෑ. කිරිවලින් කිරිපිටි හදන කෘතිම ක්‍රියා වලියේදී කිරිවල තිබෙන ස්‌වභාවික පෝෂණ ගුණය විනාශ වෙනව. කිරිපිටි හදන විසිරණ - වියළන ක්‍රියාවලියේදී භාවිත කරන අධික තාපය නිසා විටමින් සී ඇතුළු තාපයට සංවේදී සියලු පෝෂණ පදාර්ථ විනාශ වෙනව. කිරිපිටිවල තියෙන්නෙ කෘතිමව එකතු කළ පෝෂණ පදාර්ථ. හොඳම උදාහරණය අධි කැල්සියම්. ඔය අධි කැල්සියම් හදන්න කැල්සියම්වලට අමතරව එකතු කරන්නෙ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් කියන්නෙ හුණු ගල්. හුණු ගල් කුඩු කරල කිරිපිටිවලට දාල කාන්තාවන්ගේ ඇටවලට ෂෝක් කියල කියනව. අපේ කාන්තාවොත් ඒව බීල තියෙන ඇට ටිකත් නැතිකර ගන්නව.
නවසීලන්තයෙන් අපේ රටට ගෙන්වන කිරිපිටිවල ඩී.සී.ඩී. නමැති රසායන ද්‍රව්‍යයක් තිබෙන බව හෙළිදරව් වීමෙන් මේ වන විට විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනව. මොනවද මේ ඩී.සී.ඩී.?
ඩී.සී.ඩී. (ඩයිසයිනඩයමයිඩ්) කියන්නෙ තණබිම්වලට නවසීලන්ත ගොවියො යොදන රසායන ද්‍රව්‍යයක්. මේ නිසා සාරවත් තෘණ අස්‌වැන්නක් ලැබෙන නිසයි ඔවුන් මෙය යොදන්නෙ. නවසීලන්තයේ ප්‍රධාන කිරිපිටි නිෂ්පාදන සමාගමක් ඔවුන්ගේ කිරි නිෂ්පාදනවල මේ ඩී.සී.ඩී. රසායන ද්‍රව්‍ය තිබෙන බව මීට මාස කීපයකට පෙර දැනගෙනත් ඔවුන් එය සඟවා දිගින් දිගටම කිරිපිටි ආනයනය සිදුකර තිබෙනව. නමුත් ඩී.සී.ඩී. නිෂ්පාදනය කරන පොහොර සමාගම් දෙකක් මේ සිද්ධිය දැනගෙන ඔවුන් එය හෙළිදරව් කර තිබෙනව.
කිරිපිටිවල මේ තියෙන්නෙ තෘණ භූමිවලට එකතු කළ ඩී.සී.ඩී. ද නැතහොත් මේ සමාගම් කෙලින්ම කිරිපිටිවලට ඩී.සී.ඩී. එකතු කළාද යන සැකයකුත් දැන් ඇතිවෙලා තිබෙනව. එයට හේතුව විශාල වශයෙන් ජලය එකතු කළ කිරිපිටිවලට වුවත් ඩී.සී.ඩී. එකතු කළ පසු එහි ප්‍රොaටීන් ප්‍රමාණය ඉහළ යන බව දැන් සොයාගෙන තිබෙනව. ඒ අනුව විශාල කිරිපිටි ප්‍රමාණයකට පෝෂණ ගුණය වැඩි කිරීමේ අරමුණින් මේ රසායන ද්‍රව්‍ය එකතු කළාද යන සැකයකුත් දැන් මතුවෙලා තියෙනව. නවසීලන්තෙ මුලු ලෝකෙටම මෙහෙම කිරිපිටි දෙන්නෙ කොහොමද හිතල බලන කොට ඩී.සී.ඩී. කතාව පිළිබඳ ඒ සැකයත් හිතළුවක්‌ම නොවෙන්නත් පුළුවන්.
ඩී.සී.ඩී. රසායනිකය පිළිබඳ හෙළිදරව් වීමත් සමඟ වේ ප්‍රොaටීන අඩංගු කිරිපිටි සමඟ පැතිර යන ක්‌ලොස්‌ට්‍රිඩියම් නමැති මාරාන්තික බැක්‌ටීරියාවක් ගැනත් දැන් තොරතුරු හෙළිවෙලා. මේ නිසා අද අපේ රටේ මේ ආනයනික කිරිපිටි භාවිතය මරුවා ළං කර ගැනීමක් ලෙස සලකන්නට සිදුවී තිබෙනවා නේද?
ආනයනික කිරිපිටි නිසා මෙබඳු තත්ත්වයක් ඇතිවිය හැකි බව 2007 වසරේදී මා පළ කළ කිරි බී නැසෙමුද බත් කා රැකෙමුද ග්‍රන්ථයෙන් මුල්වරට හෙළි කළා. දැන් මේ වේ ප්‍රෝටීන සහිත කිරි සමඟ පැතිර යන ක්‌ලොස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව පසේ සහ පරිසරයේ ජීවත්වන නිර්වායු බැක්‌ටීරියාවක්. මේ බැක්‌ටීරියාව එයට හිතකර මාධ්‍යයක් තුළදී වේගයෙන් වර්ධනය වෙනව. මෙලෙස වර්ධනය වීමේදී ඒ බැක්‌ටීරියාවෙන් විෂක් නිපදවෙනව. මේ පිටවෙන විෂ මේ ලෝකයේ තිබෙන අති ප්‍රබල විෂවලින් එකක්. මුළු ලෝකයේම ජනතාව සමුලඝාතනය කරන්න මේ විෂෙන් ග්‍රෑම් 200 ක් ප්‍රමාණවත්. මේ විෂෙන් ග්‍රෑම් එකකින් සිය කෝටියකින් එක පංගුවකට වුවත් දරුවකුගේ ජීවිතය නැති කරන්න පුළුවන්. ඕනෑම පුද්ගලයකුගේ ස්‌නායු පද්ධතියට මේ විෂ නිසා බරපතල ලෙස හානි විය හැකියි. එහි ප්‍රතිඵලය බොහෝ විට අංශභාග රෝගයයි.
මේ ආනයනික කිරිපිටි අපේ රටේ තවදුරටත් පෝෂණ ද්‍රව්‍යයක් නෙමෙයි. ආනයනය කරන මේ කිරිපිටි අපේ රටේ කිසි දවසක සෞඛ්‍යාරක්‍ෂිත ආහාරයක් කරන්න බැහැ. මා එහෙම කියන්නේ දැන් මේ මතුව තිබෙන ඩී.සී.ඩී. රසායන ද්‍රව්‍ය අනතුර හා මේ මාරාන්තික බැක්‌ටීරියා අනතුර නිසා නොවෙයි. මීට පෙර මේ සමාගම්වලට ම එල්ල වුණු කිරිපිටිවල මෙලමයින් රසායන ද්‍රව්‍ය චෝදනාව මුලු ලෝකයම බියෙන් සලිත කළා. මේ කිරිපිටිවල තිබූ මෙලමයින් නිසා චීනයේ දරුවන් ලක්‍ෂ තුනක් පමණ වකුගඩු රෝගවලට ලක් වුණා. එයින් දරුවන් 7 දෙනෙක් මිය ගියා.
මේ නිසා මේ මාරාන්තික කිරිපිටි බීලා සියදිවි නසාගන්නවාද? අපේ දේශීය ආහාර අනුභව කරල ජීවිතේ රැකගන්නවාද? යන්න තීරණය කරන්න අපේ රටේ ජනතාවට මීටත් වඩා පැහැදිලි අවස්‌ථාවක් නෑ.
සටහන ගත්තේ මෙතනින්:http://www.divaina.com/ 2013/08/18/feature13.html

සටහන ගත්තේ මෙතනින්:http://www.divaina.com/
Tuesday, December 4, 2012
පිටිකිරි බොනවාද?
පිටිකිරි බොනවාද ? දැනුවත් වී බොනව නම් බොන්න...
කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන තරමටම ප්‍රභල වී ඇත.ශක්තිජක පානයක්,උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස භාවිතයට ගන්නා කිරිපිටි , සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද?
අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද?කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර/අහිතකරභාවය පිළිබද සොයා බලමු....
උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක් පානය කිරීම මෝස්තරයකින් ඇරඹ පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත.දවසට අවශ්‍ය ශක්තිය ,ජවය ලබන ප්‍රධාන ප්‍රභවය ලෙසද ,ඇතැම් විට ඒ හා බැදුණු තවත් පුරුදු ඇති වන තරමටම කිරිපිරි වලට අප ඇබ්බැහි වී ඇත.මේ අවසාන පුරුද්ද හුදු අහම්බයක් නොවන බව වටහා ගත යුතුය.කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් බව ඒත්තු ගන්වා තමාට වෙළදපොලක් බිහිකර ගැනීම දක්වා ඒ පිටුපස ක්‍රියාත්මක වූ බහුජාතික සමාගම් ගැන අප විමසීමක් නොකරන්නේ,මෙහි ඇති භයානක හා අවාසිදායක පැති නොදකින්නේ අදාළ සමාගම්වල සාර්ථක වෙළද සැලසුම් නිසාමය.
නානාප්‍රකාර නම්වලින් සහ ඇසුරුම් වලින් වෙළද පොලේ දකින්නට ලැබුණත් ශ්‍රී ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණි.ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියා රටවල ප්‍රධාන බහු ජාතික සමාගම් දෙකකි. මෙලෙස ආනයනය කර සම්පුර්ණ යොදය සහිත කිරි ලෙස අපට විකුණන කිරි වල සැබෑවට අන්තර්ගත වන්නේ සකස් කර බාල කරන ලද කිරිපිටි බව පෙරළිකාර සොයා ගැනීමක් වී ඇත.එළකිරි වල අඩංගු සැබෑ යොදය වෙනුවට ඌරු තෙල් ,පොල් තෙල් සහ වෙනත් තෙල් වර්ග අඩංගු කර නැවත බාල ලෙස සකස් කරන බව එංගලන්තයේ සුප්‍රසිද්ධ රසායනාගාර සේවයක් වන "එක්ලිප්ස්" මගින් පර්යේෂණ කර සොයාගෙන ඇත.මෙහි ඇති හාස්‍යජනක ස්වභාවය නම් එළකිරිවල ඉතාම පෝෂ්‍යදායී කොටස් එම රටවල චීස් බටර් නිෂ්පාදනයට යොදාගෙන ඉන් ඉතුරුවන රොඩ්ඩ අප වැනි ආසියාතික රටවලට ලාබෙට එවීමයි.මෙලෙස අඩුමිලකට සකස් කරන ලද පිටි එවන බව මෙරටට කිරිපිටි ගෙන්නන එක් සමාගමක් වන **** සමාගමේ ප්‍රධානියෙකු පිළිගෙන ඇත.අඩුමිලක විකුණන ව්‍යාජ්‍ය කිරිපිටිවල නිරුවත වසාගෙන ඇත්තේ දැවැන්ත ප්‍රචාරක යුද්ධයක් මගිනි.අද රුපවාහිනිය නරඹන විට කොතරම් ප්‍රතිශතයක් කිරිපිරි දැන්වීම් යයිද යන්න නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් මැවීමට යන චිත්‍රය පිළිබද දැන්වත් විමසිලිමත් වන්න.දැවැන්ත ලෙස වඩාත් සංවේදී තැන් ස්පර්ශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක ග්‍රහණයට අප හසු වී ඇත.
අත්‍යවශ ආහාරයක් ලෙස සිත් තුලට කැවීමට උත්සුක නොවන්නේ නම් කිරිපිටි මිල රු.30කින් අඩු කල හැකි බව ගණනය කර තිබේ.ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ජෝන් වීස්බර්ග් පවසන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හර්ද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔහු පෙන්වා දෙයි.
බලාපොරොත්තුවන ගුණය නොලබෙනවට වඩා ඔබ්බට ගිය හානියක් කරන ආනයනය කරන ලද කිරිපිටි, රෝග රැසකට මුලපුරන බව ඔබ දන්නේ නම් කිසි දිනක රටපිටිකිරි භාවිතා නොකරන බවට නිසැකය. ඒවා සෘජුව වකුගඩු අක්‍රමිකතා ,දියවැඩියාව,අධි රුධිර පීඩනයට හා ඇතැම් පිළිකා තත්ත්ව වලට බලපාන බව වයිද්යවරු විසින් තහවුරු කර ඇත.චීනයේ කිරිපිටි පානය කර මියගිය ළදරුවන් සමග ඇති වූ රැල්ලත් සමග ලංකාවේද “මෙලමයින් ”නමැති රසායන ද්‍රව්‍යය ඇත්දැයි පරීක්ෂා කෙරුණි.එහිදී චීනයේ තරම් නොවුනත් යම්කිසි ප්‍රතිශතයක් ඇති බව තහවුරු විය.මෙවැනි රසායන ද්‍රව්‍ය දීර්ගකාලයක් ශරීරගත වූ විට දියවැඩියාව සෑදීමට ප්‍රවනතාවයක් ඇත.මෙරට නාගරික ජනග්‍රහණයෙන් 16% ක්ද ග්‍රාමීය ජනග්‍රහණයෙන් 8.6%ක්ද දියවැඩියාවට ගොදුරු වී ඇත.2000 වසරේ සිට වසර 7 ක් තුල සමස්ත ජනග්‍රහණයෙන් දියවැඩියාව වැළදුණු ප්‍රමාණය 3.7% කින් වැඩිවීම ප්‍රශ්නාර්ථ ලකුණක් අප ඉදිරියේ ඉතුරු කරයි "?" .
මෙතරම් හානි ගෙනෙන රට පිටිකිරි ආනයනයට අවුරුද්දකට රුපියල් ලක්ෂ 20,000 වැය කරයි.අතිශය නිරර්ථක හා හානිකර කිරිපිටි ගෙන්වීමට වැය වන විදේශ විනිමය අපට නවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? මේවයේ සත්‍ය ස්වභාවය තවමත් වසන් වී ඇත්තේ ඇයි? දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවා රටට ගුණදායක දේවල් වෙළදපොලට නිකුත් කිරීමට රජයන්ට නොහැකි වී ඇත්තේ අදාළ බහුජාතික සමාගම් අප සිරකොට ඇති නිසාවෙනි .අධිරාජ්‍යවාදය පැතිරෙන්නා සේ බහුජාතික සමාගම් අප රට තුල පැලපදියම් වී වෙළදපොල පවත්වා ගැනීමට කටයුතු කරයි.බලය භාවිතා කර කිරිපිටි වලට ප්‍රචාරණය ලබා දෙන අතර එහි අසුභවාදී පැති සගවන්නේ මර්ධනය කිරීමෙනි.වසන් කිරීමෙනි.
මේ පණිවිඩය හැකි තරම් ප්‍රචාරය කරන්න.Facebookහි shareකරන්න
ආර්ථිකය කෙසේ වෙතත් අරෝග්‍යය පරම ලාභයයි.හැකි තරම් දේශීය කිරිපිටි හා දේශීය පාස්චරිත කිරි පානය කරන්න.
“අම්මාගේ ආදරය” රැගත් “නුවණක්කාරයන්” ගන්නා “දෙනුන්ගෙන් දොවාගත් සැබෑම එළකිරි ” වලට අප හසුවී ඇති තරම දැන් වැටහුනි ද?

Tuesday, November 13, 2012
ආණ්‌ඩුකාරයා
එක්‌තරා රටක ආණ්‌ඩුකාරයෙක් එරට පිස්‌සන්කොටුව නැරඹීමට ගියේය.
"ඔහේ කවුද?"
එක් පිස්‌සෙක් ඔහු ඉදිරියට පැමිණ ඇසුවේය.
"මම තමයි මේ රටේ ආණ්‌ඩුකාරයා."
එවිට මඳ සිනහවක් පෑ පිස්‌සා මෙසේ පැවසීය.
"අපිත් ආපු දවස්‌වල නම් කිව්වේ ඔහොම තමයි. නමුත් ඉන්ජෙක්‌ෂන් දෙකක් තුනක් වැදුනහම ඕක හරියයි.

සතාගෙ හැටි!
තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.
බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.
ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..
තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
දැනට අවුරුද්දකට විතර ඉස්සර
"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"
"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.
Wednesday, November 7, 2012
පීඩනය සහ උපරිම පීඩනය
සිතන්න... ඔබ පාරේ ගමනක් යන විට ඉතා ලක්‍ෂණ කාන්තාවක් ඔබේ මෝටර් රථය නවත්වා ඇයව නගරයට ගෙන යන මෙන් ඉල්ලා සිටිනවා.
ඔබ ඇයව මෝටර් රථයට නංවා ගන්නවා. මද දුරක් යන විට ඇය ක්ලාන්ත වෙනවා. ඔබ ඇයව රෝහලකට ගෙන යනවා. ඇයව පරීක්‍ෂා කල වෛද්‍යවරයා ඔබට සුභ පතනවා!!!
"මගෙන් සුභ පැතුම්!!! ඔබ දැන් පියෙක්"
දැන් ඔබට පීඩනයක් දැනෙනවා...
"ඔබට වැරදීමක් වෙලා...මම ඇගේ දරුවාගේ පියා නෙවේ" ඔබ පවසනවා.
"නෑ නෑ මොහුම තමා මගේ දරුවාගේ පියා"ඇය හඩා වැටෙමින් පවසනවා.
දැන් ඔබට දැනෙන පීඩනය තවත් වැඩිවී සිද්ධිය දුරදිග යනවා...
රෝහල් පොලීසිය පැමිනෙනවා.වෛද්‍යවරයාට DNA පරීක්‍ෂණයක් කරන මෙන් නියෝග කරනවා. DNA පරීක්‍ෂණය කරනවා. DNA පරීක්‍ෂණයේ ප්‍රථිඵල එනවා. වෛද්‍යවරයා ඔබෙන් සමාව ඉල්ලනවා.
"මොහු අහිංසකයි...ඇය වංචාකාරියක්...මොහු ඇගේ දරුවාගේ පියා නොවේ...මොහුට කවදාවත් පියෙකු වෙන්න බෑ!!!"
එය ඇසූ ඔබේ පීඩනය තවත් වැඩි වෙනවා.
නමුත් ඔබ දෙවියන්ට ස්තූති කරමින් නිවසට එනවා.නිවසට ලගා වන ඔබට බිරිද දුරකථන ඇමතුමක් දෙනවා...
"ඔයා එනකොට පුතාවයි දුවවයි ඉස්කෝලෙන් අරන් එනවද?"
රෝහලේදී ඔබට මතක් නොවුනු දෙයක් ඔබට මතක් වෙනවා
"මට කවදාවත් පියෙක් වෙන්න බැරි නම් මගේ දරුවන් ගේ තාත්තා කවුද?"
දැන් ඔබට ජීවිතයේ දැරිය හැකි උපරිම පීඩනය දැනෙනවා...
Subscribe to:
Posts (Atom)