Sunday, August 15, 2010

පුනරුත්පත්තිය

වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පුනරුත්පත්තිය පිළිබඳ විවාදයක් පැවැත්විණි. පුනරුත්පත්තියක් ඇතැයි යන පිල නියෝජනය කළේ මහාචාර්ය කේ.එන්.ජයතිලකය. මහාචාර්ය සරච්චන්ද්‍ර ඊට ප්‍රතිවිරුද්ධ පිල නියෝජනය කළේය. මහාචාර්ය ජයතිලක විවාදය සඳහා ලොකු පොත් මිටියක්ම රැගෙන විත් තිබිණි. මහාචාර්ය සරච්චන්ද්‍ර පැමිණියේ හිස් අතිනි. මහාචාර්ය ජයතිලක තම මතය තහවුරු කිරීම උදෙසා තමා ගෙන ආ පොත්වලින් කරුණු උපුටා ගෙන කතා කළේය. මහාචාර්ය සරච්චන්ද්‍රගේ වාරය එළැඹිණි.

”මට නම් පුනරුත්පත්තියක් ඇත්තෙත් නෑ. ඕනැත් නෑ. ඒත් දැන් මේ විවාදයට ආවට පස්සේ නං මට තවත් ආත්ම කීපයක්ම තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. මොකටද දන්නවද? අර පොත් ටික සේරම කියවන්න”