Tuesday, November 13, 2012

ආණ්‌ඩුකාරයා

එක්‌තරා රටක ආණ්‌ඩුකාරයෙක්‌ එරට පිස්‌සන්කොටුව නැරඹීමට ගියේය.
"ඔහේ කවුද?"
 එක්‌ පිස්‌සෙක්‌ ඔහු ඉදිරියට පැමිණ ඇසුවේය.
 "මම තමයි මේ රටේ ආණ්‌ඩුකාරයා."
එවිට මඳ සිනහවක්‌ පෑ පිස්‌සා මෙසේ පැවසීය.

"අපිත් ආපු දවස්‌වල නම් කිව්වේ ඔහොම තමයි. නමුත් ඉන්ජෙක්‌ෂන් දෙකක්‌ තුනක්‌ වැදුනහම ඕක හරියයි.

සතාගෙ හැටි!


තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.

බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.
ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..

තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
දැනට අවුරුද්දකට විතර ඉස්සර
"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"

"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.

Wednesday, November 7, 2012

පීඩනය සහ උපරිම පීඩනය


සිතන්න... ඔබ පාරේ ගමනක් යන විට ඉතා ලක්‍ෂණ කාන්තාවක් ඔබේ මෝටර් රථය නවත්වා ඇයව නගරයට ගෙන යන මෙන් ඉල්ලා සිටිනවා.
ඔබ ඇයව මෝටර් රථයට නංවා ගන්නවා. මද දුරක් යන විට ඇය ක්ලාන්ත වෙනවා. ඔබ ඇයව රෝහලකට ගෙන යනවා. ඇයව පරීක්‍ෂා කල වෛද්‍යවරයා ඔබට සුභ පතනවා!!!

"මගෙන් සුභ පැතුම්!!! ඔබ දැන් පියෙක්"

දැන් ඔබට පීඩනයක් දැනෙනවා...

"ඔබට වැරදීමක් වෙලා...මම ඇගේ දරුවාගේ පියා නෙවේ" ඔබ පවසනවා.

"නෑ නෑ මොහුම තමා මගේ දරුවාගේ පියා"ඇය හඩා වැටෙමින් පවසනවා.

දැන් ඔබට දැනෙන පීඩනය තවත් වැඩිවී සිද්ධිය දුරදිග යනවා...

රෝහල් පොලීසිය පැමිනෙනවා.වෛද්‍යවරයාට DNA පරීක්‍ෂණයක් කරන මෙන් නියෝග කරනවා. DNA පරීක්‍ෂණය කරනවා. DNA පරීක්‍ෂණයේ ප්‍රථිඵල එනවා. වෛද්‍යවරයා ඔබෙන් සමාව ඉල්ලනවා.

"මොහු අහිංසකයි...ඇය වංචාකාරියක්...මොහු ඇගේ දරුවාගේ පියා නොවේ...මොහුට කවදාවත් පියෙකු වෙන්න බෑ!!!"

එය ඇසූ ඔබේ පීඩනය තවත් වැඩි වෙනවා.

නමුත් ඔබ දෙවියන්ට ස්තූති කරමින් නිවසට එනවා.නිවසට ලගා වන ඔබට බිරිද දුරකථන ඇමතුමක් දෙනවා...

"ඔයා එනකොට පුතාවයි දුවවයි ඉස්කෝලෙන් අරන් එනවද?"

රෝහලේදී ඔබට මතක් නොවුනු දෙයක් ඔබට මතක් වෙනවා
"මට කවදාවත් පියෙක් වෙන්න බැරි නම් මගේ දරුවන් ගේ තාත්තා කවුද?"

දැන් ඔබට ජීවිතයේ දැරිය හැකි උපරිම පීඩනය දැනෙනවා...