සතර
පොහොය පිළිබඳ ඉතිහාසය බුද්ධ කාලීන
භාරතයට ඇදී යයි. පොහොය අව හා පුර
ලෙස දෙවර්ගයකි. සඳේ කොටසක් පේන්න
පටන් ගන්නා පළමු දිනය හඳුන්වන්නේ පෑලවිය
ලෙසටය. දෙවන දිනය දියවක ලෙසත්
,තුන්වන දිනය තියවක ලෙසත් ,හතරවන
දිනය ජලවක ලෙසත් ,පස්වන දිනය විසේවනිය ලෙසත් ,හයවන දිනය සටවක ලෙසත්,
හත්වන දිනය සතවක ලෙසත්, අටවන දිනය අටවක ලෙසත් හැඳින්වේ. අටවක දිනයේ සඳ පෙනෙනුයේ
චන්ද්‍රයාගෙන් භාගයකි.එය
අතීතයේ පටන් පොහෝ දිනයක් ලෙස සලකන්නට පටන්ගෙන ඇත.
අටවක
පොහොයෙන් පසු නවවක, දසවක, එකොලොස්වක, දොළොස්වක, තෙළෙස්වක, තුදුස්වක, පසළොස්වක ලෙස පොහොය ව්‍යවහාර වන්නට විය. සම්පුර්ණයෙන්ම පුර හඳ ඇති දිනය
පසළොස්වක පොහොය වන අතර එය සතර පොහොයෙන් ප්‍රධාන
පොහොය වේ.
සඳේ
පිරිහීයාම ඊ ලඟට ආරම්භ වේ. ඒ අනුව පෑලවිය,
දියවක ආදී වශයෙන් ක්‍රම ක්‍රමයෙන් සඳෙහි
පිරිහී යාම් දින පහළොවක් ගතවන
තැන එය අමාවක නමින් හැඳින්වේ. ඒ
අනුව සතර පොහොය වන්නේ පුර අටවක , පුර
පසළොස්වක, අව අටවක හා අමාවක වේ.
සතර
පොහොයට අමතරව අධි පොහොය වශයෙන්ද,පොහොයක්
අපට හඳුනාගත හැකිය. එය ඇති වී තිබෙන්නේ
චන්ද්‍ර මාස ක්‍රමයේ දින 28 ක්ද,
ඉංග්‍රීසි මාස ක්‍රමය අනුව දින 30, 31 ක්ද සලකා
අවුරුදු තුන හතරක් ගතවූ පසු
ඉංග්‍රීසි මාස ක්‍රමයේ ඉතිරි
වී සැදෙන්නාවූ කාලයන් එකතු වීමෙනි. මෙයට හොඳ උදාහරණයකි:
2015 වසරේ ජූලි මස 01 වැනිදා අධි
ඇසළ
පොහොයකුත් එම මාසයේම 31 වෙනිදා තවත් පොහෝ
දිනකුත් එම මාසයට යෙදී තිබේ.
පුර
පසළොස්වක පොහෝ දින නිවාඩුව මිහිඳු මහා රහතන් වහන්සේගේ කාලයේ පටන් ආරම්භ වුවකි. ඒ
අනුව අවුරුදු 2000 ට වැඩි කාලයක් තිබූ පොහොය නිවාඩුව
1770 දී ජෝන් නම්
ආණ්ඩුකාරවරයා අහිමි කර තිබුණි. එය නැවත 1811 දී බ්‍රවුන්රිග් නම් ආණ්ඩුකාරවරයා
නැවත ඇති කර ඇත.
බෞද්ධ ළමා පරපුරට , තරුණ පරම්පරාවට අවම වශයෙන් දෙමාපිය රැකවරණය
තුල සිටින කාලය තුළදීවත් සතර පොහොය
පිළිබඳව යම් මතක් කර දීමක් ශ්‍රී ලාංකීය බෞද්ධ වැඩිහිටියන් වශයෙන්
ඔබ අප සැමගේ වගකීමක් බැව් අවධාරණය
කර සිටුමු.