Monday, April 12, 2010

තාත්තා කවුද?

වෙළෙඳ නෞකාවක කපිතාන්වරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ලින්ටන්; තම 75 වැනි විවාහ සංවත්සරය ජයටම සැමරීමට කටයුතු සුදානම් කෙළේය.

උත්සවය අතරතුර ලින්ටන් තම බිරිඳට ආදරයෙන් කතා කොට මෙසේ ඇසීය.

”එඩ්නා.. අපි කසාද බැඳලා අදට අවුරුදු 75 යි. ඔයාට සතුටුද?”
”ඔව්...” එඩ්නා පිළිතුරු දුන්නාය.
”මම පොඩි කාරණයක් අහන්න තරහ වෙන්නේ නැත්ද?” යි ලින්ටන් යළිත් ඇසුවේය.
”නෑ.. ඕන දෙයක් අහන්න”
”අනිත් ළමයි වගේ නෙවෙයි... අපේ හයවැනියා බාලම පුතා... ටිකක් අමුතුයි. ඕතෑනියි. ඒ වගේම මුස්පේන්තු මුහුණක් තියෙන්නේ... මට ඇත්ත කියන්න.. මේ ළමයා වෙන තාත්තා කෙනෙක් ගේ නේද?” යි ලින්ටන් තතනමින් ප්‍රශ්න කෙළේය.
”ඔව්.. ඔයා හරි” එඩ්නා කීවාය.
”කවුද ඒ ළමයා ගේ තාත්තා?” යි ලින්ටන් වේගයෙන් ප්‍රශ්න කෙළේය.

”ඒ ළමය ගේ තාත්තා ඔයා”
යි එඩ්නා හරිබරි ගැසෙමින් කීවාය.