Monday, April 12, 2010

බොරුව

පිට පිට දින දෙකක්ම ප්‍රමාද වී වැඩට යෑම නිසා සෑම්, තම ප්‍රධානියා ගේ උදහසට ලක්ව සිටියේය. තුන්වැනි දිනයේත් හෙතෙම ප්‍රමාද වී වැඩට පැමිණියේය.

ප්‍රධානියා - සෑම් තමුසේ අදත් පරක්කුයි. අද මොකක්ද කියන බොරුව?
සෑම් – නෑ සර් අද නම් ඇත්තමයි කියන්නේ මම වැඩට එන්න හදන කොට වයිෆ් කිව්වා කාරෙකේම ගිහිං දාන්නම් කියලා. එයාට ඇඳ ගන්න විනාඩි 10 ක් විතර ගියා. ඔන්න අපි එනකොට පාලම කැඩිලා. ඒ පාර මම ගඟට බැහැලා එගොඩ පීනුවා. ඒකට පැය භාගයක් විතර ගියා. ඊළඟට මම හෙලිකොප්ටරයක් කුලියට අරගෙන උඩින්ම නගරයට ආවා. ඒකටත් විනාඩි 15 ක් විතර ගියා. හෙලිකොප්ටරය සිටි ටවර් එකේ වහලයට බස්සලා ලණුවක් දිගේ පහළට බැස්සා. ඒකටත් විනාඩි 15 ක් විතර ගියා. ඉන් පස්සේ ටැක්සියක් අරගෙන මෙහාට ආවා. ඒකටත් විනාඩි 10 ක් විතර ගියා.
ප්‍රධානියා - තමුසේ අදත් කියන්නේ බොරු.
සෑම් - මොකක්ද සර් මම කියපු බොරුව.
ප්‍රධානියා - කිසිම ගෑනියෙකුට විනාඩි 10 කින් ඇඳුම් අඳින්න බෑ ඕයි.